ව්‍යාපාර සංවිධාන Business Organizations

උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය ව්‍යාපාර සංවිධාන

නම අනුව සමාගම් වර්ගීකරණය

සමාගම් වර්ගය
මුල
වරහන් තුල
අග
සී/ස පෞද්ගලික
සීමා සහිත
(පෞද්ගලික)
සමාගම
සී/ස පොදු (ලැයිස්තුගත)
සීමා රහිත
(පොදු)
සමාගම
සී/ස පොදු (ලැයිස්තුගත නොවන)
සීමා සහිත
               -
සමාගම
ඇපයෙන් සීමිත
               -
ඇපකාර හෝ ඇපයෙන් සීමිත
සමාගම

පෞද්ගලික අංශයේ ව්‍යාපාර

ලක්ෂණය
කේවල ස්වාමි
හවුල්
                     සමාගම්
සමුපකාර
පෞද්ගලික
පොදු
ඇපයෙන් සීමිත

සාමාජිකත්වය /අයිතිය

තනි අයිතිය.

හවුල්කරුවන් 02 – 20 අතර සන්ක්යාවකට සීමා වේ.

වෘත්තීය හවුල් සදහා මෙය අදාල නොවේ. 


කොටස්කරුවන් සතු වේ.

අවම සාමාජිකයන් 01 වත් සිටිය යුතු අතර උපරිමය 50 කි.

කොටස්කරුවන් සතු වේ.

අවම සාමාජිකයන් 01 වත් සිටිය යුතු අතර උපරිමය සීමාවක් නොමැත.

කොටස් කරුවන් සතු වේ.
අවම සාමාජිකයන් 02 වත් සිටිය යුතු අතර උපරිමය සීමාවක් නොමැත.

අයිතිය සාමාජිකයන් සතු වේ. අයිතිකරුවන්ම ගනුදෙනු කරුවන් වේ.

අවම සාමාජික ගණන 10 කි. උපරිමය සීමාවක් නැත.


ප්‍රාග්ධනය

අයිතිකරු විසින් තනිව යොදයි.

හවුල් කරුවන් ගිවිසගත් පරිදි යොදයි.

කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය සපයා ගැනේ.

කොටස් ප්‍රසිද්ධියේ නිකුත් කල නොහැක.

කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය සපයා ගැනේ.

කොටස් ප්‍රසිද්දියේ නිකුත් කල හැක.

කොටස් නිකුත් නොකරයි.

වර්ග දෙකකි.

·         කොටස් ප්‍රාග්ධනයක් ඇති හා නැති

සාමාජිකයන්ට කොටස් විකුණයි. කොටසක වටිනාකම රු. 100 යි.


ලියාපදිංචිය

අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචිය අනිවාර්ය වේ.


සියලුම හවුල් කරුවන්ගේ නම් වලින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් පමණක් ලියාපදිංචි කල යුතු වේ.

ලියාපදිංචිය අනිවාර්යයි. ලියාපදිංචිය සමග සංස්ථාපනය සිදු වේ.

ලියාපදිංචිය අනිවාර්යයි. ලියාපදිංචිය සමග සංස්ථාපනය සිදු වේ.

ලියාපදිංචිය අනිවාර්යයි. ලියාපදිංචිය සමග සංස්ථාපනය සිදු වේ.

ලියාපදිංචිය අනිවාර්ය වේ. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලියාපදිංචි සිදු කරයි.


නීතිමය පුද්ගලභාවය


නැත

නැත

ඇත

ඇත

ඇත

ඇත


වගකීම  

අසීමිතයි

අසීමිතයි

සීමිතයි

සීමිතයි
සීමිතයි (ගිවිසගත් ඇප මුදලකට) 


සීමිතයි


කළමනාකරණය

අයිතිකරු විසින් තනිව තනිව සිදු කරයි. තනි කැමැත්ත මත ක්ෂණික තීරණ ගනී.

සියලු හවුල් කරුවන් විසින් හෝ කිහිප දෙනෙකු විසින් කළමනාකරණය සිදු කරනු ලබයි.

අධ්‍යක්ෂක මණ්ඩලයකින් සිදු වේ. අවම අධ්‍යක්ෂක සංක්‍යාව 1 ක් වන අතර උපරිමය සීමාවක් නැත.

අධ්‍යක්ෂක මණ්ඩලයකින් සිදු වේ. අවම අධ්‍යක්ෂක සංක්‍යාව 2 ක් වන අතර උපරිමය සීමාවක් නැත.


අධ්‍යක්ෂක මණ්ඩලයකින් සිදු වේ. අවම අධ්‍යක්ෂක සංක්‍යාව 3 ක් වන අතර උපරිමය සීමාවක් නැත.

අවමය 7 කගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයකින් කළමනාකරණය වේ.


පාලනය

අයිතිකරු විසින් සිදු කරයි.

හවුල්කරුවන්ගේ සාමුහික පාලනය හා හවුල් නීතිය අනුව පාලනය සිදු වේ.

ව්‍යවස්ථාපිත පාලනය හා කොටස්කරුවන්ගේ සාමුහික පාලනයට යටත් වේ. (චන්ද ක්‍රමයට අනුව බහුතර කැමැත්තට පාලනය සිදු කෙරේ)


ව්‍යවස්ථාපිත පාලනය හා කොටස්කරුවන්ගේ සාමුහික පාලනයට යටත් වේ. (චන්ද ක්‍රමයට අනුව බහුතර කැමැත්තට පාලනය සිදු කෙරේ)


ව්‍යවස්ථාපිත පාලනය හා කොටස්කරුවන්ගේ සාමුහික පාලනයට යටත් වේ. (චන්ද ක්‍රමයට අනුව බහුතර කැමැත්තට පාලනය සිදු කෙරේ)


සාමාජිකයන්ගේ පාලනයට හා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු පාලනයට ප්‍රධාන වශයෙන් යටත් වේ.




පැවැත්ම


අකණ්ඩ පැවැත්මක් නැත.


අකණ්ඩ පැවැත්මක් නැත.

අකණ්ඩ පැවැත්මක් ඇත.

අකණ්ඩ පැවැත්මක් ඇත.

අකණ්ඩ පැවැත්මක් ඇත.

අකණ්ඩ පැවැත්මක් ඇත.

ගිණුම් තැබීම හා විගණනය


අනිවාර්ය නොවේ.

අනිවාර්ය නොවේ.

අනිවාර්ය වේ.

අනිවාර්ය වේ.

අනිවාර්ය වේ.

අනිවාර්ය වේ.

අතිරික්තය බෙදාහැරීම


ලාභ අලාභ තනිව භුක්ති විදියි.


හවුල්කරුවන් ගිවිසගත් පරිදි ලාභ අලාභ භුක්ති විදියි.


අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකසා කොටස් හිමියන්ගේ අනුමැතියෙන් ලාභාංශ ලෙස ලාභය බෙදා හරියි.


අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකසා කොටස් හිමියන්ගේ අනුමැතියෙන් ලාභාංශ ලෙස ලාභය බෙදා හරියි.


ලාභාංශ ගෙවීමක් නැත.

සාමාජිකයින් සමිතිය සමග සිදු කල ගනුදෙනුවල වටිනාකම මත අතිරික්තය බෙදාහැරේ.

(මෙය අනුග්‍රාහක ප්‍රතිගෙවීම නම් වේ)


බදු ගෙවීම


ව්‍යාපාරය නමින් බදු ගෙවීමක් සිදු නොවන අතර ව්‍යාපාරයේ ආදායම මත අයිතිකරුගේ නමින් බදු ගෙවිය යුතුයි.


ව්‍යාපාරය නමින් බදු ගෙවීමක් සිදු නොවන අතර ව්‍යාපාරයේ ආදායම මත හවුල්කරුවන්ගේ නමින් බදු ගෙවිය යුතුයි.


ව්‍යාපාරය නමින් බදු ගෙවයි.

ව්‍යාපාරය නමින් බදු ගෙවයි

ව්‍යාපාරය නමින් බදු ගෙවයි

සමුපකාර සමිතිය නමින් බදු ගෙවිය යුතුය.

විසිරුවා හැරීම


අයිතිකරුගේ අභිමතය පරිදි හෝ අයිතිකරුගේ මරණය, බුන්වත්වීම වැනි හේතුවක් නිසා ඈවර කිරීම සිදු වේ.


අධිකරණය මගින් හෝ ස්වේච්චාවෙන් විසිරුවා හැරීම සිදු වේ.

ස්වේච්චාවෙන්, අධිකරණය මගින් හෝ අධිකරණ අධීක්ෂණයෙන් විසිරුවා හැරීම සිදුවේ.

ස්වේච්චාවෙන්, අධිකරණය මගින් හෝ අධිකරණ අධීක්ෂණයෙන් විසිරුවා හැරීම සිදුවේ.

ස්වේච්චාවෙන්, අධිකරණය මගින් හෝ අධිකරණ අධීක්ෂණයෙන් විසිරුවා හැරීම සිදුවේ.

ස්වේච්චාවෙන් හෝ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා මගින් සිදු වේ.

හවුල්කරුවන් වර්ග

ලක්ෂණය
සාමාන්‍ය හවුල්කරු
සක්‍රීය හවුල්කරු
අක්‍රීය හවුල්කරු
සීමිත හවුල්කරු
නිහඩ හවුල්කරු
රහස්‍ය හවුල්කරු
ආරුඩ හවුල්කරු
නාම මාත්‍ර හවුල්කරු
1
ප්‍රාග්ධනයට දායක වීම
දායක වේ.
දායක වේ.
දායක වේ.
දායක වේ.
දායක වේ.
දායක වේ.
ණය මුදලක් සපයයි.
නම පමණක් යොදයි
2
කළමනාකරණයට දායක වීම
සහභාගී වේ.
සහභාගී වේ.
සහභාගී නොවේ.
සහභාගී වේ.

සහභාගී වේ.
සහභාගී නොවේ.
සහභාගී නොවේ.
3
ලාභාලාභ භුක්ති විදීම
ලාභාලාභ භුක්ති විදී.

ලාභාලාභ භුක්ති විදී.
ලාභාලාභ භුක්ති විදී.
ලාභාලාභ භුක්ති විදී.
ලාභාලාභ භුක්ති විදී.
වෙනස්වන ණය පොලියක් භුක්ති විදි.
ලාභාලාභ භුක්ති විදී.
4
මහජනයාගේ දැනුම
මහජනයා දනී.
මහජනයා දනී.
මහජනයා නොදනී.
මහජනයා දනී.
මහජනයා දනී.
මහජනයා නොදනී.
මහජනයා දනී.
මහජනයා දනී.
5
වගකීමේ ස්වභාවය
අසීමිතයි.
අසීමිතයි.
අසීමිතයි.
සීමිතයි.
අසීමිතයි.
අසීමිතයි.
අසීමිතයි.
අසීමිතයි.

1.     ව්යාපාර සංවිධානයක් යනු කුමක්ද ?

මින්සුන්ට මිලදී ගැනීමට අවශ්‍ය පුළුල් භාණ්ඩ හා සේවා පද්ධතියක් සැපයීමට වර්ධනය වී ඇති විවිධ ගනයේ ව්‍යාපාර ව්‍යවසායන් “ව්‍යාපාර සංවිධාන” ලෙස හැදින්වේ. එනම් ව්‍යාපාර කිරීම සදහා පුද්ගලයන් සංවිධානය වී ඇති විවිධ ආකාරයන් වේ.
සංවිධානයක නිශ්චිත අංග
·        නමක් තිබීම
·        පුද්ගලයන් සම්බන්ධ වී සිටීම
·        ඉලක්ක පැවතීම
·        සංවිධාන ව්‍යුහයක් පැවතීම
·        සන්නිවේදන පද්ධතියක් පැවතීම
·        සංවිධාන සංස්කෘතියක් පැවතීම
·        කළමනාකරණ හා පාලන ක්‍රමයක් පැවතීම
·        ව්‍යාපාර කටයුතු වාර්තා කිරීමේ ක්‍රමයක් තිබීම

2.     ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ව්‍යාපාර හිමිකාරීත්ව ක්‍රම

·        කේවල ස්වාමි ව්‍යාපාර
·        හවුල් ව්‍යාපාර
·        සංස්ථාපිත සමාගම්
·        සමුපකාර
·        සමිති
·        විශේෂිත ව්‍යාපාර
·        රාජ්‍ය සමාගම්
·        රාජ්‍ය දෙපාර්තමේන්තු
·        රාජ්‍ය සංස්ථා
·        පළාත් පාලන ආයතන සතු ව්‍යාපාර

3.     නීතිමය පුද්ගලභාවය යනු

·         ව්‍යාපාරයකට තම නමින් කටයුතු කිරීමේ හැකියාවයි
                                  I.            ව්‍යාපාරයේ නමින් නඩු පැවරීමටත්, නඩු පවරනු ලැබීමටත්
                                II.            ව්‍යාපාරයේ නමින් වත්කම් අත්පත් කරගැනීමට
                             III.            ව්‍යාපාරය නමින් ගිවිසුම් වලට එලබීමට
                             IV.            ව්‍යාපාරය නමින් බදු ගෙවීමට

4.     පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය අතර වෙනස්කම්
පෞද්ගලික අංශය
රාජ්‍ය අංශය

පුද්ගලයෙකු හෝ පුද්ගලයින් පිරිසකට අයිතිය හිමිවන ව්‍යාපාර වේ.

බොහෝ විට ලාභ උපයීමේ අරමුණින් පවත්වාගෙන යයි.

උදා - කේවල ස්වාමි, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්


ජනතාවට අයිතිය හිමිවන ව්‍යාපාර වේ.

බොහෝ විට ජනතාවට ප්‍රතිලාභ දීම සදහා සුභ සාධන අරමුණින් පවත්වාගෙන යයි.

උදා - රාජ්‍ය දෙපාර්තමේන්තු



අයිතිය අනුව ව්‍යාපාර වර්ගීකරණය
                                             
                                                  අයිතිය / හිමිකම



පෞද්ගලික                                                                                              රාජ්‍ය







කේවල           හවුල්                 සංස්ථාපිත     සමුපකාර      විශේෂිත       සමිති     
සිවාමි            ව්‍යාපාර             සමාගම්                                 ව්‍යාපාර  
                                                                                                         වරලත් ව්‍යාපාර    
                                                                                                         බද්ද ව්‍යාපාර
                                      සීමා රහිත සමාගම්       ඇපයෙන්
                                                                               සීමිත සමාගම්       
සීමා රහිත සමාගම්
 


                                                
සී/ස              සී/ස                           සී/ස
පොදු             පෞද්ගලික              අක්වෙරල

සීමා සහිත පොදු සමාගම් නැවතත් ලැයිස්තුගත කල හා නොකළ යනුවෙන් කොටස් දෙකකට බෙදේ. ලැයිස්තුගත කල පොදු සමාගම් වලට ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කල හැකි අතර ලැයිස්තුගත නොකළ පොදු සමාගම් වලට ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කල නොහැක. කොටස් ප්‍රසිද්ධියේ නිකුත් කිරීම හෝ නොකිරීම හැර අනෙක් සියලු කරුණු අතරත වෙනසක් නොපවතී.


5.     බොහොමයක් ව්‍යාපාර ලියාපදිංචි කල පමණින්ම නීතිමය පුද්ගලභාවයක් නොලැබේ. පැහැදිලි කරන්න.

·        ව්‍යාපාර ලියාපදිංචිය යනු, කිසියම් නාමයක් යටතේ ව්‍යාපාරය ආරම්භ කල බවට අදාළ නීතිය යටතේ නියමිත ආයතනයකින් බලපත්‍රයක් ලබා ගැනීමයි.
·        ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම තුලින් එම ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවය ලැබේ නම් එය සංස්ථාපනය ලෙස හදුන්වයි.
·        කේවල ස්වාමි, හවුල් ව්‍යාපාර, සමුපකාර, සමාගම් අඩාල අදාළ නීතිය යටතේ ලියාපදිංචි කලද ඉන් සමාගම් හා සමුපකාර වලට පමණක් නීතිමය පුද්ගලභාවය ලැබේ.

6.     කේවල ස්වාමි ව්‍යාපාරයක් යනු

·        හිමිකාරිත්වය තනි පුද්ගලයෙක් සතු වන ඔහු විසින් ප්‍රාග්ධනය යොදා ලාභ තනිව භුක්ති විදිමින් පවත්වාගෙන යන ව්‍යාපාරයි.

7.     කේවල ස්වාමි ව්‍යාපාර ප්‍රචලිත වීමට හේතු ?

·        ආරම්භ කිරීම පහසු වීම
·        අඩු ප්‍රාග්ධනයකින් ඇරබීමට හැකි වීම
·        තීරණ ගැනීම පහසු වීම
·        ලාභ තනිව භුක්ති විදිය හැකි වීම
·        නීති රීති බලපෑම අඩු වීම
·        පෞද්ගලික කැපවීම මත ව්‍යාපාරය දියුණු කරගත හැකි වීම
·        ලියාපදිංචිය අත්‍යවශ්‍ය නොවීම

8.     තනි පුද්ගල ව්‍යාපාරයක් ඇරබීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු

·        වෙළදපොළ අවශ්‍යතා හා උවමනා
·        ඉල්ලුම
·        තමාගේ හැකියා සහ දක්ෂතා
·        ප්‍රාග්ධන අවශ්‍යතාව
·        ස්ථානගත කිරීමසේවක අවශ්‍යතා හා කම්කරු නීති රීති
·        ලැබෙන ප්‍රතිලාභ
·        තරගකාරිත්වය
·        පවතින නීති රීති
·        අනාගත වර්ධනය
·        ව්‍යාපාරයේ ස්වභාවය

9.     හවුල් ව්‍යාපාරයක් යනු ?

·         ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයන් අතර ඇතිවන සම්භන්දය හවුල් ව්‍යාපාරයක් වේ.

10. හවුල් ව්‍යාපාරයක් පැවතීමට අනිවාර්යෙන්ම තිබිය යුතු කොන්දේසි ?

Ø දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් සම්බන්ධව සිටීම
Ø ව්‍යාපාරයක් පැවතීම
Ø ලාභ ඉපයීම අරමුණු කර ගැනීම
Ø අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය (පොදුවේ කටයුතු කිරීම)
Ø ගිවිසුමක් තිබීම

11. අන්‍යෝන්‍ය නියෝජ්යත්වය

·        සෑම හවුල්කරුවෙක්ම තමාගේ හා සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙකු වීම මින් අදහස් වේ. එනම් එක හවුල් කරුවෙකු කරන යම් කටයුත්තකට අනෙක් හවුල්කරුවන් නිරායාසයෙන්ම වගකීමට බැදේ.



12. ශ්රී ලංකාවේ හවුල් ව්‍යාපාර සම්බන්දව බලපාන අණ පනත්

Ø 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත - හවුල ඇරබීම, පවත්වාගෙන යාම හා විසුරුවා හැරීමට අඩාල මුලික නීතිමය ප්‍රතිපාදන මෙන්ම හවුල් ඔප්පොවක් නොමැති අවස්තාවක කටයතු කලයුතු ආකාරය දැක්වීම.
Ø 1840 අංක 07 දරන වංචා වැළක්වීමේ ආඥා පනත - ආරම්භක ප්‍රාග්ධනය රු. 1000 ට වැඩි නම් ලිකිත ගිවිසුමක් යටතේ ආරම්භ කිරීම අනිවාර්ය බව
Ø 2007 අංක 07 දරන සමාගම් පනත - උපරිම හවුල්කරුවන් සංක්‍යාව 20 කට සීමා කිරීම
Ø 1918 අංක 06 දරන ව්‍යාපාර නාම පනත - හවුල්කරුවන්ගේ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම් එකී නාමය ලියාපදිංචි කල යුතු බව

13. 1890 හවුල් ආඥා පනතේ 24 වන වගන්තියේ කොන්දේසි

                    i.            සෑම හවුල්කරුවෙක්ම ප්‍රාග්ධනය සමව යෙදිය යුතුයි
                  ii.            ලැබ අලාභ සම සමව භුක්ති විදිය යුතුයි
               iii.            ප්‍රාග්ධනයට පොලී හිමි නොවේ
                iv.            ගැනිලි සදහා පොළී අය  කල නොහැක
                  v.            හවුල් කරුවන්ට වැටුප් නොමැත
                vi.            සාමාන්‍ය තීන්දු තීරණ බහුතර කැමැත්ත මත ගනියි.
             vii.            නව හවුල්කරුවෙකු බදවා ගැනීමේදී සියලුම හවුල්කරුවන් එය සදහා කැමති විය යුතුයි
           viii.            හවුල්කරුවන් ව්‍යාපාරයට සපයන ණය සදහා 5% වාර්ෂික පොළියක් හිමිවේ
                ix.            සෑම හවුල්කරුවෙක්ටම ගිණුම් පොත් පරීක්ෂා කිරීමට, කළමනාකරණයට දායක වීමට අයිතියක් ඇත
                  x.            හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාරය වෙනුවෙන් දරන වියදමක් නැවත ය කර ගත හැක




14. සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක ගති ලක්ෂණ

ü අයිතිය             -  හවුල්කරුවන් සතු වේ. අවමය 2 කි උපරිමය 20 කි.
ü ප්‍රාග්ධනය       -  හවුල්කරුවන් ගිවිසගත් පරිදි යොදයි.
ü ලියාපදිංචිය - හවුල්කරුවන්ගේ නම් වලින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචිය අනිවාර්ය වේ.
ü  නීතිමය පුද්ගලභාවය  - නොමැත.
ü වගකීම - අසීමිතයි.
ü කළමනාකරණය - හවුල්කරුවන් විසින් සිදු කරයි.
ü පාලනය - හවුල්කරුවන්ගේ පාලනයට යටත් වේ.
ü පැවැත්ම - අකණ්ඩ පැවැත්මක් නැත.
ü ගිණුම් තැබීම හා විගණනය - අනිවාර්ය නොවේ.
ü අතිරික්තය බෙදා හැරීම - ගිවිසගත් පරිදි සිදු කෙරේ.
ü බදු ගෙවීම - හවුල්කරුවන්ගේ නමින් සිදු වේ.
ü විසිරුවා හැරීම - ස්වේච්චාවෙන් හෝ අධිකරණය මගින් විසිරුවා හැරේ.

15. හවුල් ව්‍යාපාර ක්‍රමය වඩාත් යෝග්‍ය වන්නේ කවර ව්‍යාපාර සදහාද ?
හවුල් ව්‍යාපාර ක්‍රමය වෘත්තීය ව්‍යාපාර ක්ෂේත්‍ර සදහා වඩාත් යෝග්‍ය වී තිබේ. ගණකාධිකාරී, නීතීඥ, වෙද්‍ය යනාදී දැනුම මත පදනම් වූ වෘත්තීය සේවා ව්‍යාපාර තුල හවුල් ක්‍රමය ජනප්‍රිය වී තිබේ.

16. හවුල් ව්‍යාපාර ආරම්භ කල හැකි ක්‍රම
ලිඛිත එකගත්වය - හවුලට අදාල කොන්දේසි ලිඛිතව දක්වා ඊට අත්සන් තැබීම.
වාචික එකගත්වය - හවුල් ව්‍යාපාරයට අදාල එකගතාව කට වචනයෙන් ඇති වීම.
පාර්ශව කරුවන්ගේ ඇගවීමෙන් - එනම් හවුල්කරුවන්ගේ හැසිරීම හා ක්‍රියා කාරීත්වය මගින් එකගතාවක් ඇති වීම.

17. හවුල් ගිවිසුමක්, හවුල් ඔප්පුවක් බවට පත් කර ගැනීමේ ආකාරය
හවුල්කරුවන් අතර ඇති කරගන්නා වාචික හෝ ව්‍යංග කොන්දේසි ලිඛිත ගිවිසුමකට ගත යුතුය. අදාල ලිඛිත ගිවිසුමට සියලුම හවුල්කරුවන් නොතාරිස් වරයෙකු ඉදිරියේ අත්සන් කල විට එය හවුල් ඔප්පුව නැතහොත් හවුල් ව්‍යවස්ථාවලිය බවට පත් වේ.

18. හවුල් ගිවිසුමක ඇතුලත් විය යුතු ප්‍රධාන තොරතුරු හයක් සදහන් කරන්න
·        හවුල් ව්‍යාපාරයේ නම හා ලිපිනය
·        හවුල් කරුවන්ගේ නම් හා ලිපිනයන්
·        ව්‍යාපාරයේ ස්වභාවය
·        ව්‍යාපාරයේ අරමුණු
·        හවුල් ඔප්පුවේ කාල සීමාව
·        හවුල් කරුවන් ප්‍රාග්ධනයට දායක වන ආකාරය
·        ලාභ අලාභ බෙදා ගන්නා ආකාරය
·        හවුල් කරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුකම්
·        කළමනාකරණයට හවුල් කරුවන් දායක වන ආකාරය
·        ප්රාග්ධනයට් පොලී ගෙවන ආකාරය

19.   සීමා සහිත හවුල් ව්‍යාපාරයක්, සීමා රහිත හවුල් ව්‍යාපාරයකින් වෙනස් වන්නේ කෙසේද ?
ව්‍යාපාරයේ වගකීම් නිදහස් කිරීමේදී සියලුම හවුල්කරුවන් අසීමිත ව වගකීමට බැදී සිටින හවුල් ව්‍යාපාර සීමා රහිත හවුල් ව්‍යාපාර වේ.
හවුල්කරු වගකීම ඔවුන් යොදා ඇති ප්‍රාග්ධනයට පමණක් සීමාවන, එහෙත් යටත් පිරිසෙයින් වගකීම අසීමිත වන එක හවුල්කරුවෙකු හෝ සිටින හවුල් ව්‍යාපාර සීමා සහිත හවුල් ව්‍යාපාර වේ.

20. පහත සදහන් හවුල් කරුවන් වර්ග පිලිබදව කෙටි හැදින්වීමක්
ක්‍රියාකාරී / සක්‍රීය හවුල්කරු -  ප්‍රාග්ධනයට දායක වන, ලාභයට අමතරව වැටුපක්ද ලබා ගන්නා කළමනාකරණයට සහභාගී වන හවුල් කරුවකු බව මහජනයා දන්නා වගකීම අසීමිත හවුල්කරුවේ.
අක්‍රීය / නිදන හවුල්කරු -  ප්‍රාග්ධනයට දායක වන, කළමනාකරණයට සහභාගී නොවන ලාභ හා අලාභ භුක්ති විදින හවුල්කරුවෙකු බව මහජනයා නොදන්නා වගකීම අසීමිත හවුල්කරුය.
සීමිත හවුල්කරු -  ප්‍රාග්ධනයට දායක වන, කළමනාකරණයට සහභාගී වන ලාභ හා අලාභ භුක්ති විදින, මහජනයා දන්නා වගකීම සීමිත හවුල් කරුය.
නිහඩ හවුල්කරු -  ප්‍රාග්ධනයට දායක වන, කළමනාකරණයට සහභාගී නොවන, ලාභ අලාබැහැ භුක්ති විදින, හවුල්කරුවෙකු බව මහජනයා දන්නා වගකීම අසීමිත හවුල්කරුය.
රහස්‍ය හවුල්කරු -  ප්‍රාග්ධනයට දායක වන, කළමනාකරණයට සහභාගී වන, ලාභ අලාභ භුක්ති විදින, හවුල්කරුවෙකු බව මහජනයා නොදන්නා වගකීම අසීමිත හවුල්කරුය.
නාමමාත්‍ර හවුල්කරු -  ප්‍රාග්ධනය ලෙස තම කීර්තිනාමය යොදවන, කළමනාකරණයට සහභාගී නොවන, ලාභ අලාභ භුක්ති විදින, හවුල්කරුවෙකු බව මහජනයා දන්නා වගකීම අසීමිත හවුල්කරුය.

21. හවුල්කරුවෙකු සතු අයිතිවාසිකම් හා යුතුකම්
අයිතිවාසිකම්
1.     ව්‍යාපාරයේ කටයුතු වලට සහභාගී වීම.
2.     උපදෙස් දීම / අදහස් ප්‍රකාශ කිරීමේ හා විමසීමේ අයිතිය.
3.     ගිණුම් වලට ප්‍රවේශ වීමේ හා පරික්ෂා කිරීමේ අයිතිය.
4.     ලාභයෙන් කොටසකට හිමිකම් කීම.
5.     සපයන ණය සදහා පොලියක් ලබාගැනීම.
6.     ඉවත්වීමට ඇති අයිතිය.
යුතුකම්
1.     උපරිම විශ්වාසයෙන් කටයුතු කිරීම.
2.     ව්‍යාපාර කටයුතු වලට දැඩි උනන්දුවෙන් සහභාගී වීම.
3.     අලාභ සදහා දායක වීම.
4.     රහස්‍ය ලාභ ලබා නොගැනීම.
5.     තරගකාරී ව්‍යාපාර වල නොදීම.
6.     හවුල්කරුවෙකු අතින් අලාභයක් සිදු වුවහොත් එය පුර්ණය කිරීම.

22.  හවුල් ව්‍යාපාර ක්‍රමයේ වාසි අවාසි
වාසි
1.     පහසුවෙන් ආරම්භ කල හැකි වීම.
2.     වැඩි ප්‍රාග්ධනයක් රැස්කරගත හැකි වීම.
3.     කිහිප දෙනෙකුගේ හැකියා හා දක්ෂතා ඒකරාශී කර ගත හැකි වීම.
4.     අලාභය හෝ අවදානම් කිහිප දෙනෙකු අතර බෙදී යාම.
5.     නීතිමය බලපෑම ඉතා අඩු වීම.
6.     වඩා සාර්ථක සාමුහික තීරණ ගත හැකි වීම.
7.     අවශ්‍ය මොහතක නව හවුල්කරුවෙකු බදවා ගැනීමට අවකාශය තිබීම.
අවාසි
1.     හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වීම.
2.     හවුල්කරුවන් අතර නිරන්තර මතභේද ඇතිවිය හැකි වීම.
3.     අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම.
4.     අන්‍යෝන්‍ය නියෝජ්යත්වය.
5.     නීතිමය පුද්ගලභාවයක් නොමැති වේම.
6.     තීරණ ගැනීම ප්‍රමාද විය හැකි වීම.
7.     ලාභ බෙදා හැරීමේ සංකීර්ණත්වය.
8.     ව්‍යාපාරය විසිරුවා හැරීම දුෂ්කර වීම.
9.     නව හවුල්කරුවෙකු බදවා ගැනීම දුෂ්කර වීම.

23. තනි ව්‍යාපාරයක් හා සසදන කල හවුල් ව්‍යාපාරයක ඇති වාසි හා අවාසි
වාසි
1.     වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගත හැකි වීම.
2.     කිහිප දෙනෙකුගේ හැකිය, දක්ෂතා, සම්බන්ධතා ඒකරාශී කර ගත හැකි වීම.
3.     වඩා සාර්ථක සාමුහික තීරණ ගත හැකි වීම.
අවාසි
1.     අන්‍යෝන්‍ය නියෝජ්යත්වය.
2.     රහස්‍යභාවය නැති වී යාම.
3.     හවුල්කරුවන් අතර නිතර නිතර මතභේද ඇති විය හැකි වීම.
4.     ලාභය බෙදී යාම.
5.     තීරණ ගැනීම ප්‍රමාද වීම.


බද්ධ ව්‍යාපාර යනු මොනවාද ?
කෙටි කාලීන අරමුණක් ඉටු කර ගැනීම සදහා ව්‍යාපාර ආයතන දෙකක් හෝ ඊට වැඩි ගණනක් එක්වී පිහිටුවා ගන්නා සන්ධානය බද්ධ ව්‍යාපාර ලෙස හදුන්වයි.

බද්ධ ව්‍යාපාර වල විශේෂත්වය
තාවකාලික ව්‍යාපාරයක් වීම.

බද්ධ ව්‍යාපාරයක ප්‍රධාන ලක්ෂණ
1.     තාවකාලික වීම.
2.     කෙටි කාලීන අරමුණක් වෙනුවෙන් පිහිටු වීම.
3.     පාර්ශව 2 ක් හෝ ඊට වැඩි ගණනක් සම්බන්ධව සිටීම.
4.     බොහෝ විට ව්‍යාපාරික නාමයක් නොමැති වීම.
5.     අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම.
6.     විශේෂ පනතක් නොමැති වීම.

සංස්ථාපිත සමාගම්
2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කර නීතිමය පුද්ගල භාවය ලැබූ පුද්ගලයන් රාශියක් එකට එක්වී කටයුතු කරන නීතිමය ඒකකයකි.

නීතිමය පුද්ගල භාවය ලක්ෂණ
1.     සමාගම නමින් නඩු පැවරීමට හා නඩු පවරනු ලැබීමට ඇති හැකියාව.
2.     සමාගම නමින් වත්කම් අත්පත් ඇති කරගැනීමට ඇති හැකියාව.
3.     නියෝජිතයන් බදවාගනීමට ඇති හැකියාව.
4.     ගිවිසුම්වලට එලබීමට ඇති හැකියාව.
5.     සමාගම නමින් බදු ගෙවීමට ඇති හැකියාව.
6.     සමාගමේ අභ්‍යන්තර කටයුතු වලට බලපාන නීතිරීති සකස්කර ගැනීමට ඇති හැකියාව.



සංස්ථාපිත සමාගමක දැකිය හැකි මුලික ලක්ෂණ
1.     නීතිමය පුද්ගලභාවයක් ඇත.
2.     නිත්‍ය සන්තතික හැකියාව හෙවත් අඛණ්ඩ පැවැත්මක් ඇත.
3.     අයිතිකරුවන්ගේ වගකීම සීමා සහිත වීම.
4.     කළමනාකරණය අධ්‍යක්ෂ මණ්ඩලයකින් සිදු වීම.
5.     සමාගමේ පනත යටතේ සංස්ථාපනය කරන ලද ආයතනයක් වීම.
6.     කොටස් පැවරිය හැකි වීම.

සීමිත සමාගම් ක්‍රමයේ වාසි අවාසි
වාසි
1.     කොටස් හිමියන්ගේ වගකීම සීමා සහිත වීම.
2.     ආයෝජකයන් ආකර්ෂණය කර ගත හැකි වීමෙන් විශාල ප්‍රාග්ධනයක් රැස් කර ගත හැකි වීම.
3.     අඛණ්ඩ පැවැත්මක් තිබීම.
4.     නීතිමය පුද්ගලභාවයක් පැවතීම.
5.     මහා පරිමාණ ව්‍යාපාර ඇරබීමට හැකි වීම.

අවාසි
1.     ආරම්භ කිරීමේ ක්‍රියාදාමය සංකීර්ණ වීම.
2.     නීතිමය බලපෑම අධික වීම.
3.     කළමනාකරණය දුෂ්කර වීම.
4.     ද්විත්ව බදු ගණයට අයත් වීම.
5.     සුළු කොටස් හිමියන්ට වැඩි බලයක් හිමි නොවීම.

සීමිත පෞද්ගලික සමාගම්
ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කිරීමට හා ප්‍රසිද්ධියේ කොටස් පැවරීමට නොහැකි සමාගම් සීමිත පෞද්ගලික සමාගම් ලෙස හැදින්වේ.
සීමිත පොදු සමාගම්
ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කිරීමට හා නිදහසේ කොටස් පැවරීමට හැකි සමාගම් සීමිත පොදු සමාගම් වේ.
ඇපයෙන් සීමිත සමාගම්
යම් දිනක සමාගම බුන්වත් වී හෝ වෙනත් හේතුවක් නිසා සමාගම අවසන් කිරීමේ අවස්ථාවක ණය තුරුස් පියවීමට ප්‍රමාණවත් මුදල් නොමැති වුවොත් ඒ සදහා අවශ්‍ය අරමුදල් සැපයීමට සාමාජිකයන් බැදී සිටින (ඇප වී) සිටින සමාගම් වේ. මේවායේ කොටස් දෙකකි.
1.     කොටස් ප්‍රාග්ධනයක් සහිත
2.     කොටස් ප්‍රාග්ධනයක් රහිත

අක්වෙරළ සමාගම්
ශ්‍රී ලංකාවෙන් පිටත ව්‍යාපාර කටයුතු කරගෙන යාම සදහා ලියාපදිංචි කරනු ලබන සමාගම් අක්වෙරළ සමාගම් වේ. අක්වෙරළ සමාගම් වලට ශ්‍රී ලංකාව තුල ව්‍යාපාර කටයුතු කිරීම තහනම් වේ. ශ්‍රී ලංකාවෙන් පිටත පමණක් ව්‍යාපාර කටයුතු කිරීමට අවසර ඇත.

සීමා රහිත සමාගම්
කොටස් කරුවන්ගේ වගකීම නිකුත් කරන ලද කොටස් ප්‍රමාණයට සීමා නොවන සමාගමකි. හවුල් ව්‍යාපාරයකට නීතිමය පුද්ගලභාවය ලැබුණු අවශ්‍ය වූ විට සීමා රහිත සමාගමක් ලෙස ආරම්භ කල හැක.

විදේශ සමාගම්
විදේශ රටක සංස්ථාපනය කර ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ශ්‍රී ලංකාව තුල ව්‍යාපාර කටයුතු කරනු ලබන සමාගම් වේ. මෙම සමාගම් නිර්නේවාසික සමාගම් ලෙස හැදින්වේ.

බහුජාතික සමාගම්
මව් සමාගම යම් රටක පිහිටුවා රටවල් ගණනාවක ව්‍යාපාර කටයුතු කරගෙන යන සමාගම් බහු ජාතික සමාගම් වේ.
උදා - fontera, uniliever, nestle

බහු ජාතික සමාගම් වල වාසි අවාසි
වාසි
1.     රැකියා අවස්ථා සුලභ වීම.
2.     නව තාක්ෂණය ගලා එම.
3.     විදේශ ආයෝජන ගලා එම.
4.     සේවක පුහුණුව තුලින් කුසලතා දියුණු වීම.
5.     නව භාණ්ඩ පරිභෝජනයට අවස්ථාව ලැබීම.
6.     ඇතැම් දේශීය අමු ද්‍රව්‍ය භාවිතයට අවස්ථාව ලැබීම.
අවාසි
1.     උපයන ලාභ මව් රටට රැගෙන යාම.
2.     ඉහළ කළමනාකරණය සදහා දේශීය පුද්ගලයන්ට අවස්ථාව නොලැබී යාම.
3.     කාර්මික සබදතා ගැටළු ඇති වීම.
4.     දේශීය කර්මාන්ත වලට තර්ජනයක් ඇති වීම.
5.     රටට බහු ජාතික සමාගම් පාලනය අපහසු වීම.

සී/ස පෞද්ගලික සමාගම් හා සී/ස පොදු සමාගම් අතර වෙනස්කම්

සී/ස පෞද්ගලික
සී/ස පොදු
ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කල නොහැක.
ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කල හැක.
අධ්‍යක්ෂක මණ්ඩලය අවමය 1 යි.
අධ්‍යක්ෂක මණ්ඩලය අවමය 2 යි.
සාමාජිකයන් සංක්‍යාව 1-50 දක්වා පමණයි.
සාමාජිකයන් සංක්‍යාව අවමය 1 යි. උපරිමය සීමාවක් නැත.
සමාගම යන වචනයට පෙර ‘පෞද්ගලික’ යන වචනය යොදයි.
සමාගම යන වචනයට පෙර “පොදු’ යන්න ලියයි.
(ලැයිස්තුගත සමාගම් පමණක්)
  




සමාගමක් සංස්ථාපනය කිරීමේ පියවර (වැදගත්)
1.     සමාගම සදහා නාමය තොර ගැනීම.
2.     සාංගමික ව්‍යවස්ථාවලිය පිළියෙළ කිරීම සහ එය සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කිරීම.
3.     අදාල ගාස්තු හා බදු ගෙවීම.
4.     ව්‍යවස්ථාපිත රැස්වීම පැවැත්වීම - (පළමූ රැස්වීම)
5.     අතුරු ව්‍යවස්ථා පැනවීම, අධ්‍යක්ෂවරු තෝරාගැනීම හා ප්‍රථම ක්‍රියාකාරී යෝජනා සම්මත කිරීම.

















                                                                                                                                                
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           
















Comments

Popular posts from this blog

ව්‍යාපාර පදනම Business Foundation