Posts

Showing posts with the label maths

උසස් පෙළ සදහා සුදානම් වන්නේ කෙසේද ?

උසස් පෙළ විභාගය සදහා සුදානම් වන්නේ කෙසේද ?   උසස් පෙළ විභාගය අපගේ ජිවිතයේ ඉතා වැදගත් කඩඉමක් කියල අපිට කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙතනින් ලබන ප්‍රතිඵලය මත ඔයාගේ ජිවිතේ ඉදිරි ගමන හා සාර්ථකත්වය තීරණය වෙනවා. අපි A/L පාස් වෙන්න ඕන ඇයි කියල අපි බලමු. උසස් පෙළ සමත් විය යුත්තේ ඇයි ? හොද රැකියාවක් කිරීම සදහා තමාගේම ව්‍යාපාරයක් පටන් ගැනීමට අවශ්‍ය ඉහල අධ්‍යාපනය ලබාගැනීම සදහා සමාජයේ ඉහල පිලි ගැනීමක් ලබා ගැනීම සදහා  ඉහල මට්ටමකින් ආදායම් ඉපයීම සදහා  සුඛෝපබෝගී ජීවිතයක් ගත කිරීම සදහා  විවාහ වීමේදී පහසුවෙන් ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන් කැමති කරගැනීම සදහා පව්ලේ ඇති දුප්පත්කම හෝ වෙනත් අඩුපාඩු මකා දැමීම සදහා ඔබගේ බාල සහෝදර සහෝදරියන් ඉගනීම සදහා උනන්දු කරවීම සදහා මීට අමතරව ඒ ඒ පුද්ගලයාට ඒ ඒ අවශ්‍යතා හා හේතු තිබිය හැක. උසස් පෙළ අසමත් වීමට හේතු ? තමා අකමැති විෂය ධාරාව තෝරා ගැනීම විභාගය අසීරු යැයි අනියත බිය තමා පිලිබදව දැඩිව අධිතක්සේරුවෙන් හෝ අවතක්සේරුවෙන් පසු වීම විවිධ වූ කායික හා මානසික ලෙඩ රෝග අනවශ්‍ය (නොසුදුසු හෝ නොගැලපෙන) ආදර සම්බන්ධතා හා විශේෂයෙන්ම ආද...

සන්නිවේදනය pdf

Communication

ව්‍යාපාර පදනම Business Foundation

Image
ව්‍යාපාර විකාශනය වූ අදියර  ස්වයන් පෝෂිත යුගය   අතිරික්ත නිෂ්පාදනය බිහි වීම       භාණ්ඩ හුවමාරුව              වෙළදාම         මුදල් භාවිතය උපකාරක සේවා ඇති වීම කාර්මික විප්ලවය සමග මහා පරිමාණ නිෂ්පාදනය තොරතුරු තාක්ෂණයේ වර්ධනය සමග විද්‍යුත් වාණිජ්‍ය        විද්‍යුත් වානිජ්‍ය සෘජු නිෂ්පාදනය තම පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ හා සේවා තමාම නිපදවා ගැනීම සෘජු නිෂ්පාදනය ලෙස හැදින්වේ. එනම් වෙනත් කෙනෙකුගේ සහයක් නොලබා තමාගේ වුවමනා තමා විසින්ම නිපදවා ගනු ලබන භාණ්ඩ හා සේවා මගින් සපුරා ගැනේ. වක්‍ර නිෂ්පාදනය වෙළදපොළ සදහා වන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයයි. එනම් වෙනත් පාර්ශවයන්ගේ අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමයි. භාණ්ඩ හුවමාරුව (බාටර් ක්‍රමය) මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා එක් පාර්ශවයක් සතු භාණ්ඩයක් හෝ සේවාවක් වෙනත් පාර්ශවයක් සතු භාණ්ඩයක් හෝ සේවාවක් සමග සෘජුව හුවමාරු කර ගැනීම භාණ්ඩ හු...