උසස් පෙළ සදහා සුදානම් වන්නේ කෙසේද ?

උසස් පෙළ විභාගය සදහා සුදානම් වන්නේ කෙසේද ? 

 උසස් පෙළ විභාගය අපගේ ජිවිතයේ ඉතා වැදගත් කඩඉමක් කියල අපිට කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙතනින් ලබන ප්‍රතිඵලය මත ඔයාගේ ජිවිතේ ඉදිරි ගමන හා සාර්ථකත්වය තීරණය වෙනවා. අපි A/L පාස් වෙන්න ඕන ඇයි කියල අපි බලමු.

උසස් පෙළ සමත් විය යුත්තේ ඇයි ?


  1. හොද රැකියාවක් කිරීම සදහා
  2. තමාගේම ව්‍යාපාරයක් පටන් ගැනීමට අවශ්‍ය ඉහල අධ්‍යාපනය ලබාගැනීම සදහා
  3. සමාජයේ ඉහල පිලි ගැනීමක් ලබා ගැනීම සදහා 
  4. ඉහල මට්ටමකින් ආදායම් ඉපයීම සදහා 
  5. සුඛෝපබෝගී ජීවිතයක් ගත කිරීම සදහා 
  6. විවාහ වීමේදී පහසුවෙන් ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන් කැමති කරගැනීම සදහා
  7. පව්ලේ ඇති දුප්පත්කම හෝ වෙනත් අඩුපාඩු මකා දැමීම සදහා
  8. ඔබගේ බාල සහෝදර සහෝදරියන් ඉගනීම සදහා උනන්දු කරවීම සදහා
මීට අමතරව ඒ ඒ පුද්ගලයාට ඒ ඒ අවශ්‍යතා හා හේතු තිබිය හැක.

උසස් පෙළ අසමත් වීමට හේතු ?

  1. තමා අකමැති විෂය ධාරාව තෝරා ගැනීම
  2. විභාගය අසීරු යැයි අනියත බිය
  3. තමා පිලිබදව දැඩිව අධිතක්සේරුවෙන් හෝ අවතක්සේරුවෙන් පසු වීම
  4. විවිධ වූ කායික හා මානසික ලෙඩ රෝග
  5. අනවශ්‍ය (නොසුදුසු හෝ නොගැලපෙන) ආදර සම්බන්ධතා හා විශේෂයෙන්ම ආදර සම්බන්ධතා බිද වැටීම්
  6. පවුල් පසුබිම හා දෙමව්පියන් ලබාදෙන උනන්දුවෙ මදි කම 
  7. සුදුසු ගුරුවරුන් තෝරා ගැනීමට අසමත් වීම
  8. මත් ද්‍රව්‍ය හා මත් වෙන දෑ වලට පුරුදු වීම 
  9. අන් අයගෙන් ලබන්නා වූ නොමග යැවීම
  10. තමා විසින් ඇසුරු කරන්නන් සතුව ඇති අධ්‍යාපන මට්ටම හා ඔවුන්ගේ ගති පැවතුම්
  11. ජංගම දුරකථනය සමග අනවශ්‍ය පරිදි කාලය ගත කිරීම
  12. Facebook සහ internet අධික ලෙස පමණට වඩා භාවිතා කිරීම
  13. අලස බව
  14. අනාගත ඉලක්කයක් නොමැති බව 

උසස් පෙළ සමත් වී campus යාමට ඕනෑම කෙනෙකුට හැකිද ?

  • ඔව්. හැකියි. නිසැකවම පුළුවන්. කුඩා කල සිට ලැබූ අධ්‍යාපනය, ඔබගේ 5 වසර විභාගයේ හා O/L ප්‍රතිපලය කුමක් වුවත් ඔබට අනිවාර්යෙන්ම උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට යන්න පුළුවන්.

උසස් පෙළ සමත් වන්නේ කෙසේද ?

  1. තමන් ආශා කරන විෂය ධාරාව තෝරා ගන්න
  2. අධ්‍යාපනයට ඇලුම් කරන මිතුරන් පමණක් ඇසුරු කරන්න
  3. අතිරේක පන්ති නොකඩවා සහභාගී වන්න 
  4. ගුරුවරුන් සමග යහපත් සම්බන්දතා ගොඩනගා ගන්න 
  5. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු වරින් වර අධ්‍යනය කරන්න. එකම පසු ගිය විභාග ප්‍රශ්න පත්‍රය හෝ නැවත නැවත අධ්‍යනය කරන විට සෑම විටම දැනුම යාවත්කාලීන වේ
  6. මුල සිටම කිසිදු විෂයක් හෝ පාඩමක් මග හැරෙන්න ඉඩ නොදෙන්න 
  7. උදේ, දවල්, සවස හෝ රාත්‍රී තමාට කැමති අවස්තාවක් පාඩම් කිරීම සදහා යොදා ගන්න 
  8. ආගම සමග නැබුරුව කටයුතු කරන්න 
  9. නොදන්නා දේ ගුරුවරුන්ගෙන් ඇසීමට පසුබට නොවන්න. බොහෝ ගුරුවරු තමා දන්නා දේ උනන්දුවක් දක්වන සිසුවාට ඉගැන්වීම සදහා ගොඩක් ප්‍රිය වේ 
  10. දෙමව්පියන්ගේ ඔවදන් පිළිපදින්න
  11. හැකි නම් දිනපතා සෙල්ලම් කිරීම, යම් ක්‍රීඩාවක් කිරීම හෝ ව්‍යායාම කිරීමක නිරත වෙන්න. එමගින් මනස ප්‍රබෝධමත් වේ
  12. හොදින් ආහාර ගන්න 
  13. මොලේ වැඩිපුර සැදී ඇත්තේ ජලය මගිනි. එම නිසා වැඩිපුර ජලය පානය කරන්න 

Comments

Popular posts from this blog

ව්‍යාපාර පදනම Business Foundation

ව්‍යාපාර සංවිධාන Business Organizations