rakshanaya

Insuarance Board
ව්‍යාපාර අධ්‍යනය උසස් පෙළ රක්ෂණය

1.     රක්ෂණය යනු කුමක්ද ?

·        එක සමාන අවදානම් ඇති අය සංක්‍යාවක් එකතු වී වාරික මුදලක් ගෙවා හදාගන්නා අරමුදලකින් සැබෑවටම ආපදාවට පත් වූ යට වන්දි ගෙවන යහපත් ක්‍රමයකි රක්ෂණය

2.     අනුශාංගික අලාභ රක්ෂණය යනු ?

·        ගින්නෙන් හෝ ඒ ආශ්‍රිත උපද්‍රවයක් හේතුවෙන් යම් ව්‍යාපාර ආයතනයකට හානියක් වූ පසු, ගින්න නිසා සිදු වූ දේපල හානියට අමතරව එකී හානිය නිසා ව්‍යාපාර කටයුතු අඩාල වීමෙන් නොලැබී ගිය ලාභ හා ව්‍යාපාරයට අමතරව දැරීමට සිදු වූ වියදම් ආවරණය වන රක්ෂණය අනුශාංගික අලාභ රක්ෂණය වේ

3.     රක්ෂණය ව්‍යාපාරයකට අවශ්‍ය වන්නේ ඇයි ?

·        ආයෝජකයින් ආකර්ෂණයට
·        ව්‍යාපාර හානි වලින් පසු යතා තත්වයට පත් වීමට
·        හානි අවම කරන ආකාරය පිලිබදව දැනුවත් වීමට
·        සේවකයින් ආකර්ශයන කර ගැනීමට
·        ණය පහසුකම් ලබා ගැනීමට

4.     රක්ෂණ මුලධර්ම

·        හානි පුර්ණය
·        ආදේශනය
·        දායකත්වය
·        හිමිකම
·        උපරිම විශ්වාසය
·        ආසන්නතම හේතුව

5.     රක්ෂණ මුලධර්ම පැහැදිලි කරන්න

·        හානිපුර්ණය - යම් කිසි රක්ෂිත දේපළකට හානියක් වූ පසු රක්ෂිතයා මුල්‍යම වශයෙන් පෙර සිටි තත්වයට පත් කිරීම හනිපුර්ණය වේ. මෙහිදී අලාභයේ තරමට පමණක් වන්දි ලැබේ. ජිවිත රක්ෂණයට අඩාල නොවේ

·        ආදේශනය - රක්ෂිත දේපළකට සිදු වූ අලාභයකින් පසු ඒ සදහා වන්දි ලබාගැනීමෙන් පසු, රක්ෂිතට එම හානිය වෙනුවෙන් අන් සියලුම පාර්ශවයන්ගෙන් වන්දි ලබාගැනීමට ඇති අයිතිය රක්ෂක වෙත පැවරෙන බව මෙයින් කියවේ. ආදේශන ලිපිය මගින් රක්ෂිතට මෙය දැනුම් දේ. ජිවිත රක්ෂණය සදහා අදාල නොවේ

·        දායකත්වය - යම් දේපලක් වෙළදපොල අගය ඉක්මවා රක්ෂණ සමාගම් කීපයක රක්ෂණය කර ඇති විට යම් අලාභයක් සිදු වුවහොත් එකී අලාභයට සියලුම රක්ෂණ සමාගම් දායක වී එම රක්ෂණ ඔප්පු වල අනුපාතයට එම අලාභය වෙනුවෙන් හානිය පුර්ණය කිරීමට අවශ්‍ය වටිනාකම ලබාදෙන බව මෙයින් කියවේ. ජිවිත රක්ෂණයට අදාල නොවේ

·        හිමිකම - යම් ජිවිතයක් හෝ දේපළක් රක්ෂණය කරන විට එය රක්ෂණය කරන පුද්ගලයාට එම රක්ෂණය වන විෂය සම්බන්ධයෙන් නීත්‍යනුකුල අයිතියක් තිබිය යුතු වේ. එසේ නීත්‍යනුකුල හිමිකමක් නොමැති ජිවිත හෝ දේපල රක්ෂණය කල නොහැක

·        උපරිම විශ්වාසය - රක්ෂණ ගිවිසුමක් ඇතිවන විටදී රක්ෂිත හා රක්ෂක අතර එම රක්ෂණ කාර්යට අදාල සියලු තොරතුරු නොසගවා ප්‍රකාශ විය යුතු බව මින් කියවේ

·        ආසන්නතම හෙතුව - යම් ජිවිතයකට හෝ දේපළකට හානියක් ඇති වී ඇති විට එම හානිය සිදු වීමට හේතු කිහිපයක් බලපා ඇත්නම් ඒ අතරින් එම හානිය සිදු වීමට හේතු වූ ආසන්නතම හේතුව රක්ෂණ ගිවිසුමෙන් ආවරණය වේ නම් පමණක් වන්දි ලබා දෙන බව මෙමගින් කියවේ

6.     දේපල රක්ෂණයට පමණක් අදාල වන රක්ෂණ මුලධර්ම ?

·        හානිපුර්ණය
·        ආදේශනය
·        දායකත්වය

7.     උපරිම විශ්වාසය කඩ වී ඇති අවස්තාවක රක්ෂිත දේපළකට හානියක් වී ඇත්නම් රක්ෂක හට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද ?

·        නොසලකා හැර ගිවිසුම බලාත්මක කිරීම (වන්දි ගෙවීම)
·        වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කිරීම
·        ගිවිසුම අවලංගු කිරීම
·        නීතිමය ක්‍රියාමාර්ග වලට එලබීම

8.     මහජන වගකීම් රක්ෂණය යනු ?

·        යම් නිෂ්පාදන කටයුත්තක් හේතුවෙන් එයට සම්බන්ද නොවන භාහිර පාර්ශවයන් හට සිදු වන්නා වූ යම් යම් අලාභ වලදී ඒවා සදහා වන්දි ලබාදීම සදහා ගනු ලබන රක්ෂණය මහජන වගකීම් රක්ෂණය වේ

9.     මෝටර් රථ රක්ෂණය

·        විස්තීර්ණ රක්ෂණය (පූර්ණ රක්ෂණය)
·        තෙවන පාර්ශව රක්ෂණය
·        තෙවන පාර්ශව ගිනි හා සොරබිය රක්ෂණය

10. නවතම වාහනයක් මිලට ගත් අයෙක් විසින් ලබාගත යුතු වඩාත් යෝග්‍යම රක්ෂණාවරණය කුමක්ද ?

·        විස්තීර්ණ රක්ෂණය
11. රක්ෂණ සමාගමක් විසින් වන්දි ගෙවීමෙදී සලකා බලන මුලිකම කරුණු මොනවද ?

·        රක්ෂණ ගිවිසුම වලංගුද ? නැද්ද ? යන වග
·        සිදු වූ හානිය රක්ෂණ ගිවිසුමෙන් ආවරණය වී ඇත්ද ? යනවග

12. පහත අවස්ථා වලදී රක්ෂණ ඔප්පුවක් ලබාගත හැකිද ? නැද්ද ? යන වග සදහන් කරන්න

·        දෙමව්පියන් තම දරුවන් රක්ෂණය කිරීමෙදී - රක්ෂණය කල නොහැක. මන්ද රක්ෂණය කිරීම සදහා නීත්‍යානුකූල අයිතියක් නොමැති නිසා. දෙමව්පියන්ට තම දරුවන් රක්ෂණය කිරීම සදහා හිමිකමක් නොමැත.

·        බිරිද විසින් සිය සැමියාව රක්ෂණය කිරීම - රක්ෂණය කල හැක. නීත්‍යනුකුල අයිතියක් ඇති නිසා රක්ෂණය කල හැක. විවාහ සහතිකය අයිතිය පිළිබිඹු කරයි

·        කොන්දොස්තර විසින් බසයේ ගමන් ගන්නා මගීන් රක්ෂණය කිරීම - රක්ෂණය කල හැක. ටිකට් පත මගින් සම්බන්දතාවය පෙන්නුම් කරයි. එය ලිකිත ගිවිසුමකි


13. යමක් රක්ෂණය කිරීම සදහා සපුරාලිය යුතු කොන්දේසි මොනවාද ?

·        මුදලින් මැනිය හැකි වීම
·        සත්‍යාපනය කල හැකි
·        නීත්‍යානුකුල වීම
·        හිමිකමක් තිබීම

14. සේව්‍යයාට තම සේවකයන් වෙනුවෙන් රක්ෂණයක් ලබා ගත හැකිද ? ගත හැකිනම් එම රක්ෂණය හදුන්වන නම ?
·        ගත හැක. සේවා ගිවිසුමක් පවතින නිසා.
·        සේවක වගකීම් රක්ෂණය

15. ප්‍රාරක්ෂණය හදුන්වන්න ?

·        උවදුරු රක්ෂනයේදී විශාල වටිනාකමක් ඇති දේපළ රක්ෂණ සමාගම් කීපයක් එකතු වී රක්ෂණය කිරීම ප්‍රාරක්ෂණය ලෙස හදුන්වනු ලැබේ
උදා - ගුවන්තොටුපල රක්ෂණය, නැව් රක්ෂණය

16. ද්විත්ව රක්ෂණය යනු ?

·        යම්කිසි දේපළක් වෙළදපොළ වටිනාකම ඉක්මවන පරිදි රක්ෂණ සමාගම් දෙකක් හෝ ඊට වැඩි ගණනක රක්ෂණය කිරීම ද්විත්ව රක්ෂණය වේ

17. ප්‍රතිරක්ෂණය යනු ?

·        යම් රක්ෂිත දේපළක් එම රක්ෂණ සමාගම විසින් වෙනත් රක්ෂණ සමාගමක නැවත රක්ෂණය කිරීම ප්‍රති රක්ෂණය වේ. මේ සදහා විශේෂිත ප්‍රතිරක්ෂණ සමාගම් අවශ්‍ය වේ

18. පහත දැක්වෙන මුහුදු රක්ෂනයේදී යොදා ගැනෙන අලාභ හදුන්වන්න

·        නිත්‍යපුර්ණ අලාභය - නෞභාරය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති විට ඒ සදහා වන්දි ලබාදීම මෙයින් කියවේ

·        අර්ථදායි පුර්ණ අලාභය - නෞභාරය සම්පුර්ණයෙන්ම විනාශ වී නැතත්, එය බේරා ගැනීම හෝ නැවත අලුත්වැඩියාව අර්ථ ශුන්‍ය යැයි සලකා ඒ සදහා සම්පුර්ණ වන්දිය ගෙවීම මින් අදහස් වේ

·        සාමාන්‍ය පොදු වන්දිය - අනතුරු වැලක් වීමේ යහපත් අදහසින් යුතුව නැව්පති විසින් හිතා මතා කරන්නා වූ නාවික බිලි කිරීම් හා අපගමනයන් නිසා සිදු වන්න වූ අලාභ මින් අදහස් වේ. නැව් සමාගමේ හා නෞභාරය අයත් අයගේ රක්ෂණ සමාගම් එකතු වී හානිය පුර්ණය කරයි

·        විශේෂ පොදු වන්දිය - නාවික ගමනාගමනයේදී සිදු වන්නාවූ ස්වාභාවික ගැස්සීම්, පැද්දීම්, ජලය කාන්දු වීම් වැනි දෑ මගින් සිදු වන්න වූ අලාභානි සදහා වන්දි විශේෂ පොදු වන්දිය වේ. මේ සදහා අදාල භාණ්ඩ තොගයේ හිමිකරු විසින් අදාල රක්ෂණ සමාගම මගින් අල්ලභය පුඋර්ණය කර ගනියි   



 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය විෂයට අදාලව රක්ෂණය පාඩමෙන් ලකුණු 5 ක පමණ ප්‍රශ්නයක් බොහෝ දුරට සෑදෙන අතර මෙය සෑම විටම එලෙසම සිදු වෙනවා යැයි කිව නොහැක. කෙසේ වෙතත් මුලිකවම රක්ෂණ මුලධර්ම මත පදනම්ව ප්‍රශ්න ගොඩ නැගීමේ හැකියාව ඇති නිසා මම ඉතා සංක්ෂිප්තව සිද්ධාන්ත ගොනු කර ඇත. මෙම සිද්ධාන්ත පරිශීලනය මගින් ඔබට ඔබගේ උසස් පෙළ විභාගයේ ලැබෙන්නා වූ රක්ෂණය ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලැබෙනු ඇති මම විශ්වාස කරමි. ස්තුතියි.






Comments

Popular posts from this blog

ව්‍යාපාර පදනම Business Foundation

ව්‍යාපාර සංවිධාන Business Organizations