ව්‍යාපාර පදනම Business Foundation

ව්‍යාපාර විකාශනය වූ අදියර
 ස්වයන් පෝෂිත යුගය
 
අතිරික්ත නිෂ්පාදනය බිහි වීම
 


    භාණ්ඩ හුවමාරුව
 
           වෙළදාම

        මුදල් භාවිතය

උපකාරක සේවා ඇති වීම

කාර්මික විප්ලවය සමග මහා පරිමාණ නිෂ්පාදනය

තොරතුරු තාක්ෂණයේ වර්ධනය සමග විද්‍යුත් වාණිජ්‍ය

       විද්‍යුත් වානිජ්‍ය

සෘජු නිෂ්පාදනය
තම පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ හා සේවා තමාම නිපදවා ගැනීම සෘජු නිෂ්පාදනය ලෙස හැදින්වේ. එනම් වෙනත් කෙනෙකුගේ සහයක් නොලබා තමාගේ වුවමනා තමා විසින්ම නිපදවා ගනු ලබන භාණ්ඩ හා සේවා මගින් සපුරා ගැනේ.
වක්‍ර නිෂ්පාදනය
වෙළදපොළ සදහා වන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයයි. එනම් වෙනත් පාර්ශවයන්ගේ අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමයි.
භාණ්ඩ හුවමාරුව (බාටර් ක්‍රමය)
මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා එක් පාර්ශවයක් සතු භාණ්ඩයක් හෝ සේවාවක් වෙනත් පාර්ශවයක් සතු භාණ්ඩයක් හෝ සේවාවක් සමග සෘජුව හුවමාරු කර ගැනීම භාණ්ඩ හුවමාරුව ලෙස හැදින්වේ. මෙහිදී තෙවන පාර්ශවයක් හෝ අතරමැදියෙක් ලෙස මුදල් භාවිත වීමක් සිදු නොවීය.
වෙළදාම
අයිතිය හිමිකම වෙනස් වීමත් සමග භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම වෙලදාමයි. වෙළදාමේ ආරම්භය ඇති වුයේ භාණ්ඩ හුවමාරුව සමගය.
උපකාරක සේවා ඇති වීම
වෙළදාමට උපකාර වන සේවා මින් අදහස් වේ. බැංකු, රක්ෂණය, ප්‍රවාහන, සන්නිවේදනය, මුල්‍ය, ගබඩා කරණය මීට අයත් වේ. මේවා ව්‍යාපාරික සේවා, ව්‍යාපාරයට සහය වන සේවා යනුවෙන්ද හැදින්වේ. වෙළදාමේ අදම්භය සමග උපකාරක සේවාද ඇති විය.
විද්‍යුත් වාණිජ්‍ය
ඩිජිටල් මාධ්‍ය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා විකිණීම විද්‍යුත් වානිජ්‍ය වේ.
විද්‍යුත් ව්‍යාපාර
උසස් කාර්ය සාධනයෙන් යුත් ව්‍යාපාර ආකෘතියක් නිර්මාණය කිරීම උදෙසා ව්‍යාපාර ක්‍රියාවලිය භාවිතය සහ සංවිධාන ව්‍යුහය යන සියල්ල සමෝධානය කිරීම හා සුමට ලෙස ගලා යාම සදහා තාක්ෂණය විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිතා කිරීමයි.
භාණ්ඩ හුවමාරුව (බාටර් ක්‍රමය) දුර්වලතා
1. උවමනා පිළිබද ද්වික සමපාතයක් නොමැති වීම. සෘජු හුවමාරුව පදනම් කර ගත ගනුදෙනු ක්‍රමයක් තුල හුවමාරුවක් සිදු වීමට නම් හුවමාරුවට සම්බන්ධ වන දෙපාර්ශවයේ අවශ්‍යතා අන්‍යෝන්‍ය වශයෙන් ගැලපිය යුතු වීමයි.
2. නිශ්චිත හුවමාරු අනුපාතයක් නොමැති වීම.
3. වටිනාකම රැස් කර තබා ගැනීමට අපහසු වීම.
4. ප්‍රයෝජනයට ගත හැකි පරිදි කුඩා ඒකක වලට බෙදීමේ අපහසුව.
5. භාණ්ඩ වටිනාකම මැනීමට පොදු මිනුමක් නොමැති වීම.
විශේෂිකරණයේ ප්‍රභේද
1. රැකියා විශේෂීකරණය
2. ආයතනික / භාණ්ඩ විශේෂීකරණය
3. ප්‍රාදේශීය විශේෂීකරණය
4. ජාතික විශේෂීකරණය
රැකියා විශේෂිකරණය
පුද්ගල නිපුනතාව හා දක්ෂතාව මත කිසියම් කාර්යයක නිරත වීම රැකියා විශේශිකරණයයි. එනම් කිසියම් පුද්ගලයෙක් විසින් අනෙකුත් පුද්ගලයන්ට හා අනෙකුත් කාර්යයන්ට වඩා හොදින්ම කළ හැකි කිසියම් කාර්යයක් තෝරාගෙන ඒ තුළ නිරත් වීමයි. අධ්‍යාපනය, පුහුණුව, පවුල් පසුබිම යනාදී සාධක මීට බලපෑම් කරයි.
උදා - වඩු කාර්මිකයා, නීතිඥයා, ගායකයා
රැකියා විශේෂිකරණයේ ප්‍රතිලාභ
සේවකයන්ට
1. කුසලතාව හා විශේෂඥතාව වර්ධනය
2. නව සොයා ගැනීම් සිදු කිරීමට හැකි වීම.
3. පුද්ගල නිමවුම් ප්‍රමාණය වැඩි වීම.
4. රැකියාව ඉගනීමට ගතවන කාලය අඩු වීම.
5. ඉපයීම් ඉහල යාම.
6. සේවක කාලය කාර්යක්ෂම ලෙස උපයෝජනය සිදු වීම.
ආයතනයට  
1. නිමවුම් ප්‍රමාණය ඉහල යාම.
2. නිෂ්පාදන කටයුතු පලදායි ලෙස සංවිධානය කිරීමට හැකි වීම.
3. නිමවුමේ ගුණත්වය ඉහල යාම.
4. ප්‍රාග්ධන උපකරණ පිරිමැසුම්දායී ලෙස භාවිතා කල හැකි වීම.
5. රැකියා පුරප්පාඩු පිරවීම පහසු වීම.
6. සුපරීක්ෂණය පහසු වීම.
7. අපතේ යාම් අඩු වීම.
ආර්ථිකයට
1. රටේ නිෂ්පාදිත වල ගුණත්වය ඉහල යාම.
2. රටේ නිෂ්පාදිත ධාරිතාව ඉහල යාම.
3. නිෂ්පාදිත වල මිල පහල මට්ටමක තබා ගැනීමට හැකි වීම.
4. ආර්ථික වර්ධනය
5. අපනයන හා විනිමය ආදායම් ඉහල යාම.
රැකියා විශේෂිකරණයේ අවාසි                   
1. එකම කාර්යක නිරත වීම නිසා කාර්ය නීරස වීම.
2. එක් සේවකයෙකුගේ නොපැමනීම නිසා සමස්ථ කාර්යම අසාර්ථක වීම.
3. අධි විශේශිකරණයට ලක්වීම තුලින් සේවක මාරු කිරීම්, කාර්ය වෙනස් කිරීම් වැනි දෑ අපහසු වීම.
4. එකම කාර්යක දිගටම නිරත වීම නිසා කාර්ය නීරස වීම.
5. සේවක ප්‍රවාසිතාවය හා පිරිවැටුම ඉහල යාම.
ආයතනික / භාණ්ඩ විශේෂීකරණය
කිසියම් ආයතනයක් යම් භාණ්ඩයක් නිපදවීම සම්බන්ධයෙන් සාපේක්ෂ කාර්යක්ෂමතාවක් දක්වයි නම්, එය භාණ්ඩ විශේෂීකරණය වේ. ඒකාධිකාරී තත්වය, තාක්ෂණික හැකියාව, සම්පත් හිමිකම යනාදිය මීට හේතු වේ.
ප්‍රාදේශීය විශේෂීකරණය
කිසියම් ප්‍රදේශයක් යම් නිශ්චිත භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සම්බන්ධයෙන් වැඩි ප්‍රවනතාවක් දක්වයි නම් එය ප්‍රාදේශීය විශේෂීකරණය වේ. මේ සදහා යම් ප්‍රදේශයක පිහිටීම, දේශගුණය හා ස්වභාවික සම්පත් යනාදී සාධක බලපෑම් කරයි.
ජාතික විශේෂීකරණය
යම් නිෂ්පාදිතයක් සම්බන්ධයෙන් කිසියම් රටක් දක්වන නිපුණත්වයයි. එනම් අනික් රටවලට සාපේක්ෂව ඉහළ කාර්යක්ෂමතාවක් දැක්වීමයි.
විද්‍යුත් ව්‍යාපාරයක දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ
1. වේගය
2. පහසුව
3. ගනුදෙනුකරුගේ ඉල්ලීමට අනුකුල වීම
4. මාධ්‍ය නම්‍යතාව
5. නොනිදන ව්‍යාපාරයක් වීම
6. බිත්ති හතරකට කොටු නොවූ ව්‍යාපාරයක් වීම
7. අඩු මුලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම
දළ දේශීය නිෂ්පාදිතය
කිසියම් කාල සීමාවකදී යම් නිශ්චිත දේශ සීමාවක් හෙවත් භූගෝලීය ප්‍රදේශයක් තුළ නිෂ්පාදනය කරන ලද සියලුම අවසාන භාණ්ඩ හා සේවා වල වටිනාකමයි. කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශයේ එකතුකළ අගයෙන් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කෙරේ. මේ පිලිබදව වැඩිදුර ව්‍යාපාර අධ්‍යනය විෂයේ සාකච්චා නොවන අතර ආර්ථික විද්‍යාව විෂයේදී ජාතික ගිණුම් පාඩම තුළ ගැබුරින් සාකච්චා කෙරේ.
දළ දේශීය නිෂ්පාදිතය වර්ගීකරණය
1.  නිෂ්පාදනයේ ස්වභාවය අනුව
2. කර්මාන්ත මුලය අනුව
1. නිෂ්පාදන ස්වභාවය අනුව දළ දේශීය නිෂ්පාදනය වර්ගීකරණය
ප්‍රාථමික නිෂ්පාදන - ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සම්පත් ඒ ආකාරයෙන්ම උකහා ගැනීම ප්‍රාථමික නිෂ්පාදනයයි.
ද්විතියක නිෂ්පාදනය - ප්‍රාථමික කර්මාන්ත වලින් ලබා ගන්නා ද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කිරීම ද්විතීයක නිෂ්පාදනයයි.
ත්‍රිතීයික නිෂ්පාදනය - සේවා නිපදවීම හා සැපයීමයි. වාණිජ්‍ය ලෙසද හැදින්වේ.

2. කර්මාන්ත මුලය අනුව දළ දේශීය නිෂ්පාදනය වර්ගීකරණය
කෘෂිකාර්මික - බෝග වගා, පශු, වන, ධීවර යනාදී කටයුතු මීට අයත් වේ.
කාර්මික - කැණීමෙන්, නිපයීමෙන්, සකස් කිරීමෙන් හෝ තැනීමෙන් සැපයෙන දෑ මීට අයත් වේ.
සේවා - ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමටත්, පුද්ගල අවශ්‍යතා හා උවමනා සපුරාලීමටත් අවශ්‍ය වක්‍ර සේවා මින් අදහස් වේ.

කර්මාන්ත මුලය අනුව
නිෂ්පාදනයේ ස්වභාවය අනුව

කෘෂිකාර්මික
v  කෘෂි, පශු, වන
v  ධීවර
ප්‍රාථමික
v  කෘෂි, පශු, වන
v  ධීවර
v  පතල් හා කැනීම්
කාර්මික
v  පතල් හා කැනීම්
v  නිෂ්පාදන
v  විදුලිය, ගෑස් හා ජාල සැපයුම
v  ඉදිකිරීම්
ද්විතීයක
v  නිෂ්පාදන
v  ඉදිකිරීම්
සේවා
v  වෙළදාම
v  උපකාරක සේවා

තෘතීයක
v  විදුලිය, ගෑස් හා ජාල සැපයුම
v  වෙළදාම
v  උපකාරක සේවා


කාර්මික අංශයේ ව්‍යුහය
Ø  පතල් හා කැනීම්
Ø  නිෂ්පාදනය
v  කර්මාන්තශාලා තුල නිෂ්පාදනය
v  සැකසුම් (තේ, පොල්, රබර්)
v  ගෘහ කර්මාන්ත
Ø  ඉදිකිරීම්
Ø  විදුලිය ගෑස් හා ජලය


ව්‍යාපාර ක්‍රියාවලිය
යෙදවුම් / සම්පත්
(input)
පරිවර්තන ක්‍රියාවලිය / ව්‍යාපාර කාර්යන්
නිමවුම්

භුමිය
ශ්‍රමය
ප්‍රාග්ධනය
ව්‍යවසාය
දැනුම
කාලය
තොරතුරු


මෙහෙයුම් කටයුතු
නිෂ්පාදනය
අලෙවිකරණය
මානව සම්පත් කටයුතු
මුල්‍ය කටයුතු
පර්යේෂණ හා සංවර්ධනය
පරිපාලන කටයුතු




භාණ්ඩ හා සේවා

නිෂ්පාදන සාධක
1.      භුමිය - යම් අවස්ථාවකදී ආර්ථිකයක් සතු ස්වභාවධර්මයේ දායාද ලෙස ලැබෙන සියලුම නිෂ්පාදන සම්පත් භුමිය ලෙස හැදින්වේ. භුමිය සදහා ගෙවන ගෙවීම බදු කුලියයි.
උදා - ගංගා, ඇළ දොළ, වන්නන්තර

2.      ශ්‍රමය - භාණ්ඩ හා සේවා නිර්මාණය සදහා වූ මිනිසාගේ කායික හා මානසික දායකත්වය ශ්‍රමයයි. ශ්‍රමිකයාගේ සේවාව සදහා වැටුප් හෝ වේතන ගෙවනු ලබයි.
 උදා - විදුලි කාර්මික වේතන, රියදුරන්

3.      ප්‍රාග්ධනය - මිනිසා විසින් සම්පාදිත, නිෂ්පාදනයට ආධාර කෙරෙන මුර්ත වත්කම් වේ. ප්‍රාග්ධන හිමිකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ ලෙස පොලිය හැදින්වේ.
උදා - ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, මුදල්, තොගය

4.      ව්‍යවසායකත්වය  - භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අවශ්‍ය වන භුමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන සාධක සංවිධානය හා මෙහෙයවීමයි. නව දෙයක් සොයා ගැනීම සහ නව්‍යතා සම්පාදනය ද ව්‍යවසායකත්වය ලෙස හැදින්වේ. ව්‍යවසායකයා ලාභ, අලාභ හෝ කිසිවක් නොලැබී යා හැකිය.

5.      දැනුම - ව්‍යාපාර ආයතනයේ සේවකයන් අධ්‍යාපනයෙන් හෝ පළපුරුද්දෙන් ලබන දක්ෂතා හා කුසලතා දැනුම ලෙස හැදින්විය හැකිය.


6.      කාලය  - කාලය සීමිත වේ. තරගය ජය ගැනීමට නම් නියමිත කාලය තුල කටයුතු සිදු කිරීම අනිවාර්ය වේ. එම නිසා ව්‍යාපාරයට ලැබෙන කාලය සම්පතකි.

7.      තොරතුරු  - දත්ත තේරුම් ගත හැකි ලෙස හා ප්‍රයෝජනයට ගත හැකි ලෙස සකස් කළ විට තොරතුරු ලෙස හැදින්වේ. ආයතනයක් විසින් ළගා කර ගැනීමට අපේක්ෂිත ඉලක්ක හා පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය තීරණ ගැනීමේදී තොරතුරු ඉතා වැදගත් වේ.

ව්‍යාපාර කාර්යයන්

1. මෙහෙයුම් කටයුතු / නිෂ්පාදනය
v  නිෂ්පාදන සාධක යොදා ගැනීම මගින් භාණ්ඩ හා සේවා නිපදවීම සහ ඒ හා බැදුණු වෙනත් කාර්යයන් ය. මෙහිදී නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, තත්ත්ව පාලනය, තොග පාලනය යනාදී කාර්යන් ප්‍රධාන වශයෙන් සිදු කරයි.
2. මුල්‍ය කටයුතු
v  අයිතිකරුවන්ගේ ධනය උපරිම වන පරිදි අරමුදල් සම්පාදනය හා යෙදවීම හා ගිණුම්කරණය කටයුතු යනාදිය වේ.
3. අලෙවිකරණය
v  ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා හදුනා ගෙන ඒවා උපරිම තෘප්තියට පත් කිරීම හා සම්බන්ධ කටයුතු වේ. නිෂ්පාදිතය බිහි කිරීම, මිල කිරීම, බෙදා හැරීම හා ප්‍රවර්ධනය ප්‍රධාන වශයෙන් සිදු කරයි.
4. මානව සම්පත් කටයුතු
v  මිනිසුන් හෙවත් සේවකයන් ඵලදායීව මෙහෙයවීමයි. සේවකයින් ආකර්ෂණය, තොරා ගැනීම, බදවා ගැනීම, මුහුණු කිරීම, කාර්යඵල ඇගයීම, සුබසාධනය යනාදී කටයුතු මීට අයත් වේ.
5. පර්යේෂණ හා සංවර්ධන
v  නිමවුමේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, නව නිපැයුම් ක්‍රම සොයා ගැනීම, වෙළදපොල සමීක්ෂණ යනාදී කටයුතු වේ.
6. පරිපාලනය
v  ව්‍යාපාර කටයුතු හා සම්බන්ධ වූ ලියකිවිලි පවත්වා ගෙන යාම හා සන්නිවේදන කටයුතු පවත්වා ගෙන යාම යනාදී කාර්යයන් වේ. එනම් තොරතුරු කළමනාකරණය, කාර්යාල කටයුතු යනාදියයි.
නිෂ්පාදිතය
පාරිභෝගික අවශ්‍යතා, වුවමනා තෘප්තිමත් කිරීම සදහා වෙළදපොලට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් ලෙස හැදින්වේ. එනම් පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත කිරීම සදහා සැකසී ඇති භාණ්ඩ, සේවා, අදහස්, ස්ථාන, සංවිධාන, ඉසව් යනාදිය නිෂ්පාදිතය ලෙස හැදින්වේ.


නිෂ්පාදිත වර්ගීකරණය

ස්පෘශ්‍යතාව අනුව
v  භාණ්ඩ
v  සේවා
-      ව්‍යාපාර සහය සේවා
-      සෘජු සේවා

කල් පැවැත්ම අනුව

v  කල් පවතින භාණ්ඩ
v  කල් නොපවතින භාණ්ඩ

භාවිතය අනුව

v  පාරිභෝගික භාණ්ඩ
-      පහසු භාණ්ඩ
-      සාප්පු භාණ්ඩ
-      විශේෂිත භාණ්ඩ
-      නොසෙවූ භාණ්ඩ
v  ව්‍යාපාරික භාණ්ඩ
-      ප්‍රාග්ධන අයිතම
-      ද්‍රව්‍ය හා කොටස්
-      සැපයුම් හා ව්‍යාපාර සේවා

පුළුල් පදනම අනුව

v  භාණ්ඩ
v  සේවා
v  අදහස්
v  ස්ථාන
v  පුද්ගලයන්
v  පළපුරුද්ද
v  අත්දැකීම්
v  ඉසව්
v  ක්‍රියාකාරකම්
v  සංවිධාන
භාණ්ඩ හා සේවා වල දැකිය හැකි සුවුශේෂී ලක්ෂණ

භාණ්ඩ
සේවා
Ø  ඇසට පෙනෙන එමෙන්ම ස්පර්ශ කළ හැකි නිෂ්පාදිත වේ.
Ø  අස්පෘශ්‍ය වේ.
Ø  සපයන්නගෙන් වෙන් කල හැක.
Ø  සපයන්නාගෙන් වෙන් කල නොහැක.
Ø  විවිධත්වයක් නොමැත.
Ø  විවිධත්වයකින් යුක්ත වේ. සේවා සපයන ස්ථානය හා කාලය අනුව වෙනස් වේ.
Ø  ගබඩා කල හැක.
Ø  ගබඩා කල නොහැක.

ව්‍යාපාර ඇල්මැති පාර්ශව හා ඇල්ම දැක්වීමට හේතු

        I.            අයිතිකරුවෝ / කොටස්හිමියෝ - ඉපයුම්, (ලාභය/ලාභාංශ) වර්ධනය, දිගු කාලීන පැවැත්ම, කොටසක වෙළදපොළ මිල, ඉහළ ආයතනික ප්‍රතිරූපය, ප්‍රශංසනීය සැලකුම්.
      II.            කළමනාකරුවෝ / අධ්‍යක්ෂවරු  - ලාභය, වර්ධනය, තීරණ වල සාර්ථක භාවය
    III.            සේවකයෝ - ඉහල වැටුප් හා දීමනා, රැකියා සුරක්ෂිතතාව, යහපත් වඩා පරිසරය, සාධාරණ සැලකිල්ල
    IV.            ගනුදෙනුකරුවෝ - සාධාරණ මිල, ආරක්‍ෂිත නිෂ්පාදිත, ගුණාත්මක භාණ්ඩ, හොද සේවා පහසුකම්, ණය පහසුකම්, ව්‍යාපාරයේ පැවැත්ම, වගකීම
      V.            සැපයුම්කරුවෝ - අඛණ්ඩ ගනුදෙනු, නියමිත වෙලාවට ගෙවීම, දිගුකාලීන සම්බන්ධතා, සාධාරණ මිල
    VI.            ණය සැපයුම්කරුවෝ / ණයහිමියෝ - පොලී ලැබීම, ණය මුදලේ සුරක්ෂිතභාවය, ආපසු ලබාගැනීමේ හැකියාව, ආයතනයේ ණය බේරුම් කිරීමේ හැකියාව.
  VII.            තරගකරුවෝ - මිල ගණන්, අලෙවි උපාය මාර්ග, වෙළදපොල කොටස, ප්‍රවර්ධන උපක්‍රම.
VIII.            රජය - බදු ආදායම, සේවා නියුක්තිය, ආර්ථික සංවර්ධනය, නීති රීති වලට අනුකුල වීම,
    IX.            ප්‍රජාව / සමාජය - පරිසර සුරක්ෂිතභාවය, රැකියා අවස්ථා, අවම බාධා, සමාජ වගකීම ඉටු කිරීම, ප්‍රජා වැඩසටහන් වලට දායකත්වය, පරිත්‍යාග.
      X.            විභව ආයෝජකයින් - අනාගත ආයෝජන අවස්ථා, පොලිය හා ලාභාංශ, ආයෝජන වල සුරක්ෂිතභාවය.

ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා
1.      ගෝලීයකරණය
v  දේශසීමා අතර ආයෝජන, වෙළදාම, තාක්ෂණය, සන්නිවේදනය නිදහසේ ගලායාම ගෝලීයකරණය ලෙස හැදින්වේ.
2.      විද්‍යුත් වයාපාරකරණය
v  උසස් කාර්ය සාධනයෙන් යුත් ව්‍යාපාර ආකෘතියක් නිර්මාණය කිරීම සදහා ව්‍යාපාර ක්‍රියාවලිය භාවිතය හා සංවිධාන ව්‍යුහය යන සියල්ල සමෝධානය හා සුමට ලෙස ගලා යාම සදහා තාක්ෂනය විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිතා කිරීමයි.
3.      තාක්ෂණික දියුණුව
v  සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණයේ නව සොයා ගැනීම් මෙන්ම නිෂ්පාදන තාක්ෂණයේ වර්ධනයයි. අන්තර්ජාල තාක්ෂණය, පරිගණක තාක්ෂනය දියුණු වීමයි.
v  සන්නිවේදනය හ තොරතු තාක්ෂණයේ නව සොයා ගැනීම් මෙන්ම නිෂ්පාදන තාක්ෂණයේ වර්ධනයයි. අන්තර්ජාල තාක්ෂනය, පරිගණක තාක්ෂණය, සන්නිවේදන තාක්ෂණය දියුණු වීම.
4.      පරිසරය පිළිබද සැලකිලිමත් වීම
v  පරිසරය දුෂණය වීම ඉහල මට්ටමක පවතින නිසා පරිසර හිතකාමී ලෙස නිෂ්පාදනයේ යෙදීම, පැළ සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විවිධ පරිසර සංරක්ෂණ කටයුතු සදහා අරමුදල් සැපයීම මේ යටතට අයත් වේ.
5.      තරගකාරීත්වය
v  අන්තර්ජාතික වශයෙන්ද ව්‍යාප්ත වීම නිසා ඉහළ තරගකාරීත්වයක් පැවතීම.
6.      ව්‍යාපාර ක්‍රියාවලිය භාහිරට පැවරීම.
v  ආයතනය විසින් ඉටු කරනු ලැබූ යම් යම් කාර්යන් කොන්ත්‍රාත් පදනම මත භාහිර පාර්ශවයන්ට පැවරීම.

යටිතල පහසුකම්
ව්‍යාපාර පිහිටුවීම හා සංවර්ධනය සදහා අවශ්‍ය මුලික පහසුකම් යටිතල පහසුකම් ලෙස හදුන්වයි.
විද්යුත් ව්‍යාපාර යනු කුමක්ද ? එය විද්‍යුත් වානිජ්යයෙන් වෙනස් වන්නේ කෙසේද ?
උසස් කාර්ය සාධනයෙන් යුත් ව්‍යාපාර ආකෘතියක් නිර්මාණය කිරීම උදෙසා ව්‍යාපාර ක්‍රියාවලිය භාවිතය හා සංවිධාන ව්‍යුහය යන සියල්ල සමෝධානය කිරීම හා සුමට ලෙස ගලා යාම සදහා තාක්ෂනය අන්තර්ජාලය භාවිතා කිරීම විද්‍යුත් ව්‍යාපාර වේ.
විද්‍යුත් වානිජ්‍යයෙන් වෙනස් වන ආකාරය
විද්‍යුත් වානිජ්‍යට අමතරව ඊට ඉදිරියෙන් හා පසු පසින් ඇති සියලු භාවිතයන් විද්‍යුත් ව්‍යාපාර වලට ඇතුලත් වේ.

පෙර කටයුතු                   විද්‍යුත් වාණිජ්‍ය                පසු කටයුතු   
(නිෂ්පාදනය)                     මිලදී ගැනීම                   (වැටුප් ගෙවීම)
                                                                       
                                                විකිණීම

ප්‍රතිලාභ
1.      විකුණුම් ඉහළයාම
2.      ගනුදෙනුකරුවන් සංක්‍යාව ඉහල යාම
3.      මෙහෙයුම් පිරිවැය පහළයාම
4.      තරගකාරී පීඩනයට ප්‍රතිචාර දැක්වීම

අවාසි
1.      පෞද්ගලිකත්වය හා ආරක්ෂාව පිළිබද ගැටළු
2.      සතුටුදායක ගෙවීමේ ක්‍රමයක අඩුපාඩුව

ව්‍යාපාර ක්‍රියාවලිය
යෙදවුම් / සම්පත්
පරිවර්තන ක්‍රියාවලිය
නිමැවුම

භුමිය
ශ්‍රමය
ප්‍රාග්ධනය
ව්‍යවසාය
දැනුම
කාලය
තොරතුරු


මෙහෙයුම් / නිශ්පාදනය
අලෙවිකරණය
මානව සම්පත් කටයුතු
මුල්‍ය කටයුතු
පර්යේෂණ හා සංවර්ධන
පරිපාලන කටයුතු 




භාණ්ඩ හා සේවා

නිෂ්පාදිතය යනු
පාරිභෝගික අවශ්‍යතා, වුවමනා තෘප්තිමත් කිරීම සදහා වෙළදපොලට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් වේ. නිෂ්පාදිත ගණයට භාණ්ඩ, සේවා, අදහස්, ස්ථාන, පුද්ගලයන්, සංවිධාන, ඉසව් යනාදිය ඇතුලත් වේ.
භාවිතය, පැවැත්ම, ස්පෘශ්‍යභාවය අනුව නිෂ්පාදිත වර්ගීකරණය
*      භාවිතය අනුව
පාරිභෝගික භාණ්ඩ - පුද්ගලික භාවිතයට ගන්නා නිෂ්පාදිත
ව්‍යාපාරික භාණ්ඩ
*      පැවැත්ම අනුව
කල් පවතින භාණ්ඩ - අවමය වසරකට වඩා (උදා-TV, Radio)
කල් නොපවතින භාණ්ඩ - වසරකට අඩු (උදා- සබන් කැට, සීනි)
*      ස්පෘශ්‍යතාව අනුව
භාණ්ඩ
සේවා

භාණ්ඩ හා සේවා වලට අමතරව අලෙවි කල හැකි වෙනත් අයිතම

පුද්ගලයින් - සුවිශේෂී හැකිය තුළින් මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන පුද්ගලයන් අලෙවි අයිතමයකි. උදා - ගායකයින්, නළු නිලියන්, ක්‍රීඩකයින්
ස්ථාන - පුද්ගලයින් ආකර්ෂණය කර ගත හැකි ගෙවීමෙන් නරඹන තැන් අලෙවි අයිතමයකි. උදා- දෙහිවල සත්ව උද්‍යානය, සිගිරිය
ඉසව් - කාලය හා සම්භන්ධ අවස්ථාවන් වේ. උදා - ඔලිම්පික් ක්‍රීඩා උළෙල, සංගීත සංදර්ශන, වෙළද ප්‍රදර්ශන
සංවිධාන - සංවිධාන වල ක්‍රියාකාරකම් වලට පුද්ගලයින් මුදල් ගෙවා සම්බන්ධ වීම තුලින් වින්දනයක් ලබයි. එම සංවිධාන අලෙවි අයිතමයකි. උදා - ක්‍රීඩා සමාජ, සිංහ සමාජය

පාරිභෝගික භාණ්ඩ හා කාර්මික භාණ්ඩ

අවසාන පරිභෝජනය සදහා පාරිභෝගිකයා විසින් මිලදී ගන්නා භාණ්ඩ පාරිභෝගික භාණ්ඩ වේ.
මේවා භාවිතයෙන් විනාශයට ( අවසානයට ) පත්වේ. නැවත අලුතින් මිලදී ගැනීමට සිදු වේ.

ව්‍යාපාර ආයතනයේ ප්‍රයෝජනය සදහා හෝ වෙනත් භාණ්ඩ නිපදවීම සදහා යොදා ගන්නා දෑ කාර්මික භාණ්ඩ වේ.

පාරිභෝගික හා කාර්මික භාණ්ඩ අතර සැසදීමක්

පාරිභෝගික භාණ්ඩ
කාර්මික භාණ්ඩ
පාරිභෝජනයෙන් අවසන් වේ.


පාරිභෝගික භාණ්ඩ නිපදවීමට යොදා ගනී.
පාරිභෝගිකයින් විසින් ඉල්ලුම් කරයි.


ව්‍යාපාරිකයන් විසින් ඉල්ලුම් කෙරේ.
සාපේක්ෂව විශාල ප්‍රමාණයන්ගෙන් ඉල්ලුම් කෙරේ.


සාපේක්ෂව ඉල්ලන ප්‍රමාණය අඩුයි.
බෙදා හැරීමේදී යොදා ගන්නා අතරමැදියන් සංක්‍යාව සාපේක්ෂව විශාල වේ.


අතරමැදියන් සංක්‍යාව කුඩා වේ.
ගැනුම්කරුවන් සංක්‍යාව සාපේක්ෂව විශාල වේ.


මිලදී ගන්නන් සංකාව සාපේක්ෂව අඩුයි.
බහුලව ප්‍රචාරණය යොදා ගනියි.


පෞද්ගලික අලෙවිය යොදා ගැනේ. සෘජුවම ගනුදෙනුකරු මුණ ගැසේ.

සෘජු ඉල්ලුමක් පවතී.


වක්‍ර ඉල්ලුමක් පවතී.


සේවාවක දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ

1.      අස්පෘශ්‍ය වේ. එනම් ස්පර්ශ කල නොහැක - එනම් සේවාවක් මිලදී ගැනීමට පෙර එය දැකිය නොහැක, විදිය නොහැක.
2.      සපයන්නගෙන් වෙන් කල නොහැක
3.      විවිධත්වයෙන් යුක්ත වේ - සේවය සපයන්නේ කවුද ? සපයන කාලය කුමක්ද ? කවදාද ? කෙසේද ? යන සාධක මත සේවාවේ ගුණත්වය සහ ක්‍රියාකාරීත්වය වෙනස් වේ.
4.      ගබඩා කල නොහැක - සේවාවක් පසුව විකිනීමට හෝ භාවිතයට ගබඩා කල තැබිය නොහැක.

භාණ්ඩ හා සේවා අතර ඇති වෙනස්කම්
භාණ්ඩ
සේවා
ස්පෘශ්‍ය වේ
ගබඩා කල හැක
සපයන්නගෙන් වෙන් කල හැක
සමාන (සමජාතීය) වේ

අස්පෘශ්‍ය වේ
ගබඩා කල නොහැක
සපයන්නගෙන් වෙන් කල හැක
සපයන්න අනුව එකම සේවාව වුවද විවිධත්වයක් ගනී

ව්‍යාපාර ඇල්මැති පාර්ශව යනු
ආයතනයට බලපෑමක් ඇති කල හැකි හෝ ආයතනයේ කටයුතු වලින් බලපෑමකට ලක්විය හැකි අයෙක් නැතහොත් ව්‍යාපාරය පිළිබද උනන්දුවක් දක්වන අයෙක් අල්මති පාර්ශවයක් ලෙස හදුන්වනු ලබයි.

ව්‍යාපාර අල්මති පාර්ශව හා ඔවුන් එසේ ඇල්ම දැක්වීමට හේතු

1.      අයිතිකරුවන් / කොටස් හිමියන් - ලාභ උපරිම කිරීම, කොටසක වෙළදපොල මිල ඉහල දැමීම.
2.      කළමනාකරුවන් / අධ්‍යක්ෂක වරුන් - තම තීරණවල සාර්ථක බව මැනීමට, රැකියා උසස් වීම් ලබා ගැනීමට, තම පිළිගැනීම හා කීර්තිනාමය වර්ධනය කර ගැනීමට
3.      සේවකයින් - රැකියා සුරක්ෂිතභාවය, ඉහල වැටුප්, ලාභයට අනුව දීමන, සේවක අසාධාරනකම්
4.      ගනුදෙනුකරුවන් -  සාධාරණ මිල, ගුණාත්මක භාණ්ඩ හා සේවා, සුරක්ෂිතභාවය
5.      සැපයුම්කරුවන් - ගෙවීම් පිළිබද විශ්වාසවන්තභාවය, අකණ්ඩ සැපයුම
6.      ණය සැපයුම්කරුවන් - ණය පොලී ලබා ගැනීමේ හැකියාව, ණය සුරක්ෂිතභාවය
7.      තරගකරුවන් -  මිල ගණන්, වෙළදපොල කොටස, ව්‍යාපාර අවධානම
8.      රජය - බදු ය කිරීම, සහනාධාර ලබා දීම, තරග විරෝධී හා නීති විරෝධී චර්යා අධ්‍යනය කිරීම
9.      විභව ආයෝජකයින් -  අනාගත ආයෝජන අවස්ථා, ඉහල ආයෝජනයට ප්‍රතිලාභ, ආයෝජන අවධානම, පොළී හා ලාභාංශ ලබාගැනීමේ හැකියාව.
10.  සමාජය -  පරිසරය සුරැකීම, රැකියා අවස්ථා, දේශීය සම්පත් භාවිතය
11.  වෘත්තීය සමිති -  රැකියා සුරක්ෂිතභාවය, සේවක පහසුකම්

ව්‍යාපාර විසින් ඇල්මදක්වන පාර්ශව කෙරෙහි සැලකිලිමත් වීම‍ට හේතු
අයිතිකරුවන් - ප්‍රාග්ධනය ලබාගැනීම, පැවැත්ම තහවුරු කර ගැනීම
සේවකයන් - ඵලදායිකත්වය වැඩි දියුණු කර ගැනීම, සේවක තෘප්තිය ඇති කිරීම
ණය සැපයුම්කරුවන් - අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම, සහන පොලී යටතේ ණය ලබාගැනීම
ගනුදෙනුකරුවන් -  නිෂ්පාදිත අලෙවි කර ගැනීමට, වෙළදපොල කොටස ඉහල නංවා ගැනීමට
රජය - බදු සහන, යටිතල පහසුකම්, ප්‍රතිපත්ති

සටහන් - උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය විෂයේ ව්‍යාපාර පදනම පාඩම සම්බන්ධ ප්‍රශ්න  MCQ හා අනිකුත් රචනා ප්‍රශ්න වලද නිරන්තරයෙන් දක්නට ලැබේ.  එම නිසා මේ පාඩම අධ්‍යනය කිරීම බොහෝ සෙයින් උපකාරී වනු ඇත.









            

Comments

Popular posts from this blog

ව්‍යාපාර සංවිධාන Business Organizations