Posts

rakshanaya

Insuarance Board ව්‍යාපාර අධ්‍යනය උසස් පෙළ රක්ෂණය 1.      රක්ෂණය යනු කුමක්ද ? ·         එක සමාන අවදානම් ඇති අය සංක්‍යාවක් එකතු වී වාරික මුදලක් ගෙවා හදාගන්නා අරමුදලකින් සැබෑවටම ආපදාවට පත් වූ යට වන්දි ගෙවන යහපත් ක්‍රමයකි රක්ෂණය 2.      අනුශාංගික අලාභ රක්ෂණය යනු ? ·         ගින්නෙන් හෝ ඒ ආශ්‍රිත උපද්‍රවයක් හේතුවෙන් යම් ව්‍යාපාර ආයතනයකට හානියක් වූ පසු, ගින්න නිසා සිදු වූ දේපල හානියට අමතරව එකී හානිය නිසා ව්‍යාපාර කටයුතු අඩාල වීමෙන් නොලැබී ගිය ලාභ හා ව්‍යාපාරයට අමතරව දැරීමට සිදු වූ වියදම් ආවරණය වන රක්ෂණය අනුශාංගික අලාභ රක්ෂණය වේ 3.      රක්ෂණය ව්‍යාපාරයකට අවශ්‍ය වන්නේ ඇයි ? ·         ආයෝජකයින් ආකර්ෂණයට ·         ව්‍යාපාර හානි වලින් පසු යතා තත්වයට පත් වීමට ·         හානි අවම කරන ආකාරය පිලිබදව දැනුවත් වීමට ·     ...

al businesstudies tax

ව්‍යාපාර අධ්‍යනය උසස් පෙළ   බදු (Tax) ප්‍රශ්න සහ පිළිතුරු 1.    බද්දක් යනු කුමක්ද ? රටේ වෙසෙන ජනතාවගෙන් හා එරටින් ආදායම් උපයනු ලබන විදේශිකයන්ගෙන් අය කරගනු ලබන, ගෙවන්නාට ලැබෙන සෘජු ප්‍රතිලාබයක් ගැන නිසලකා සමස්ත සමාජයටම ලැබෙන යහපත ගැන සලකා. රජය විසින් රාජ්‍ය අධිකාරි බලය මත අය කරගනු ලබන පැහැර හැරිය නොහැකි අනිවාර්ය ගෙවීම බද්දක් වේ. 2.   බදු පදනම බද්දට අයත් වන විෂය වස්තුව බදු පදනම වශයෙන් හදුන්වයි. උදා - මත් පැන් මත සුරා බදු පනවයි. මත් පැන් බදු පදනම වේ. 3.   බදු අනුකුලතාව මින් අදහස් වනුයේ බදු ගෙවන්නන් විසින් අවශ්‍ය කරන බදු වාර්තා ස්වේච්චාවෙන් හා කලට වෙලාවට ඉදිරිපත් කිරීමත් එමෙන්ම බදු ගෙවීම පැහැර නොහැර ඒවා කලට වෙලාවට ගෙවිමත්ය. 4.   බදු ප්‍රතිශතය අනුව බදු වර්ග ·         අනුක්‍රමික බදු - ආදායම වැඩි වන විට අය කරනු ලබන බදු ප්‍රතිශතය වැඩි වන බදු අනුක්‍රමික බදු වේ. අඩු ආදායම් ලබන අය අඩු ප්‍රතිශතයක් හා වැඩි ආදායම් ලබන අය වැඩි ප්‍රතිශතයක් තම ආදායමෙන් බදු ලෙස ගෙවයි. උදා - ආදායම     ...