al businesstudies tax

ව්‍යාපාර අධ්‍යනය උසස් පෙළ  බදු (Tax)
ප්‍රශ්න සහ පිළිතුරු

1.   බද්දක් යනු කුමක්ද ?
රටේ වෙසෙන ජනතාවගෙන් හා එරටින් ආදායම් උපයනු ලබන විදේශිකයන්ගෙන් අය කරගනු ලබන, ගෙවන්නාට ලැබෙන සෘජු ප්‍රතිලාබයක් ගැන නිසලකා සමස්ත සමාජයටම ලැබෙන යහපත ගැන සලකා. රජය විසින් රාජ්‍ය අධිකාරි බලය මත අය කරගනු ලබන පැහැර හැරිය නොහැකි අනිවාර්ය ගෙවීම බද්දක් වේ.

2.  බදු පදනම
බද්දට අයත් වන විෂය වස්තුව බදු පදනම වශයෙන් හදුන්වයි.
උදා - මත් පැන් මත සුරා බදු පනවයි. මත් පැන් බදු පදනම වේ.

3.  බදු අනුකුලතාව
මින් අදහස් වනුයේ බදු ගෙවන්නන් විසින් අවශ්‍ය කරන බදු වාර්තා ස්වේච්චාවෙන් හා කලට වෙලාවට ඉදිරිපත් කිරීමත් එමෙන්ම බදු ගෙවීම පැහැර නොහැර ඒවා කලට වෙලාවට ගෙවිමත්ය.

4.  බදු ප්‍රතිශතය අනුව බදු වර්ග

·        අනුක්‍රමික බදු - ආදායම වැඩි වන විට අය කරනු ලබන බදු ප්‍රතිශතය වැඩි වන බදු අනුක්‍රමික බදු වේ. අඩු ආදායම් ලබන අය අඩු ප්‍රතිශතයක් හා වැඩි ආදායම් ලබන අය වැඩි ප්‍රතිශතයක් තම ආදායමෙන් බදු ලෙස ගෙවයි.

උදා - ආදායම              බදු ප්‍රතිශතය
          1000                              10%
          2000                              20%

·        ප්‍රතික්‍රමික බදු - ආදායම වැඩි වන විට අය කරනු ලබන බදු ප්‍රතිශතය අඩු වන බදු ප්‍රතික්‍රමික බදු වශයෙන් හදුන්වයි. මේවා අඩු ආදායම් ලාභීන්ට ඉතා අවාසිදායක වන අතර, ආදයම් ව්‍යාප්තියේ විෂමතා වැඩි කිරීමට හේතු වේ.
         ආදායම                  1000        2000       3000
          බදු ප්‍රතිශතය         20%         15%        10%
5.  රජයක් බදු අය කිරීමට හේතු

·        ආදායම් ව්‍යාප්තියේ විෂමතා ඉවත් කිරීමට
·        පාරිභෝජන අධ්‍යිර්යමත් කිරීමට
·        රජයට අවශ්‍ය ආදායම් උපයා ගැනීමට
·        ඇතැම් නිෂ්පාදකයන් දිරිමත් කිරීමට
·        නිෂ්පාදනයේ හා පාරිබෝජනයේ රින භාහිරතා අවම කිරීමට

6.  යහපත් බදු ක්‍රමයක ලක්ෂණ

·        සාධාරණ - අඩු ආදායම් ලබන්නන් අඩුවෙන් බදු ගෙවිය යුතුයි.
·        සමානාත්මතාව - පාරිබෝගිකයින්, නිෂ්පාදකයන්, ආයෝජකයන් සියල්ල දිරිමත් වන ආකාරයට බදු පැනවිය යුතුයි
·        පිරිමැසුම් සහගතබව - බදු ආදායම, එය ක්‍රියාත්මක කිරීමට යන වියදමට වඩා වැඩි විය යුතුයි
·        නිශ්චිත බව - නිතර නිතර බදු සංශෝධනය නොකළ යුතුයි
·        නම්‍යශීලී - ආර්ථික වෙනස් වීම් වලට ප්‍රතිචාර දැක්වීමට හැකි විය යුතුයි
·        සරල - තේරුම් ගැනීමට පහසු විය යුතුයි

7.  බද්දක ආර්ථික ප්‍රතිවිපාක

·        ආදායම් ව්‍යාප්ති විෂමතා අඩු වීම
·        පාරිබෝජනයන් අධ්‍යිර්යමත් වීම
·        භාන්ඩ හා සේවා වල මිල ඉහල යාම
·        නිෂ්පාදන පිරිවේය ඉහල යාම
·        ආයෝජන අධ්‍යිර්යමත් වීම
·        රජයේ ආදායම් ඉහල යාම

8.  බදු අය කරන ආයතන

·        සුරාබදු දෙපාර්තමේන්තුව
·        මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
·        පළාත් සභා
·        රේගු දෙපාර්තමේන්තුව

9.  ශ්‍රී ලංකාවේ බදු අනුකුලතව පහත් මට්ටමක පැවතීමට හේතු

·        බදු ගෙවන්නන් තුල ඇති අයහපත් ආකල්ප
·        බදු ගෙවන්නන් තම වගකීම පිලිබදව අඩු අවබෝධය
·        අසාධාරණ බදු අනුපාත
·        යල් පැන ගිය බදු පදනම
·        බදු ගෙවීම සදහා රස්තියාදු වීමට සිදු වීම
·        අයහපත් රාජ්‍ය මුල්‍ය විනය

10.  බදු ගෙවන්නන් දිරිමත් කිරීම සදහා රජයට ගත හැකි පියවර

·        නව බදු ක්‍රම හදුන්වා දීම
·        බදු ගෙවන්නන් දැනුවත් කිරීම
·        online ක්‍රමයට බදු ගෙවීම සදහා පහසුකම් ලබා දීම
·        රජයේ වියදම් පිලිබදව විනිවිදභාවයක් පවත්වා ගැනීම
·        සාධාරණ බදු අනුපාතයන් නියම කිරීම

11.  ආනයනික භාණ්ඩ මත බදු පැනවීමට හේතු

·        දේශීය නිෂ්පාදකයින් දිරිමත් කිරීමට
·        ආනයන අධ්‍යිර්යමත් කිරීමට
·        ඇතැම් පාරිබෝජනයන් සීමා කිරීමට
·        රජයට ආදායම් ඉපයීමට





  






Comments

Popular posts from this blog

ව්‍යාපාර පදනම Business Foundation

ව්‍යාපාර සංවිධාන Business Organizations